Made In Sri Lanka

Made In Sri Lanka Updates

වන අලින්ගෙන් ඔ’ත්තු බලන්න සෑදූ ට්‍රැෆික් ඩිවයිසය

අලි මිනිස් ගැටුම කියලා කියන්නේ අද ඊයේ ඉදන්  පවතින ප්‍රශ්නයක් නෙවෙයි.මේ අලි මිනිස් ගැටුම්  හේතුවෙන්  වාර්ෂිකව මියයන සංඛ්‍යාවත් වර්තමානය වන විට දිනෙන් දින ඉහළ යනවා. ජීවිත සංඛ්‍යාව වගේම අලි මිනිස් ගැටුම් නිසා විනාශයට පත්වන නිවාස හා දේපළ හානිද වගා බිම්  ප්‍රමාණය ද සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පවතී.මේ සදහා රජය මගින් විවිධ ක්‍රියාමාර්ග ගත්තද ඒ සියල්ල නිෂ්ප්‍රභ වන්නේ  නැවතත් අලියන් ගමට කඩා වැදී සියලු දේ විනාශ කරන නිසාය. එම හේතුව නිසාම අලි මිනිස් ගැටුම විසඳීම සඳහා පුද්ගලයන් පිරිසක් එකතු වෙලා   හරි අපූරු නිර්මාණයක් සිදු කරනවා.මෙම  නිර්මාණය කිරීම සඳහා මූලික වශයෙන් පියවර ගන්නේ ලහිරු ගෝමස් නැමැති ශිෂ්‍යයයි.

ලහිරු ගෝමස් කියලා කියන්න මේ වන විට රජරට  විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා  පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්.ඉතින් ඔහුට හැකිවෙලා තියනවා අයිඩියා ටෙක් නමැති නව නිපැයුම් තරගයක් සඳහා මෙම නිර්මාණය ඉදිරිපත් කරන්න.මේ සඳහා ඔහු ඔහුගේ මිතුරන් කීපදෙනෙකුගේද සහාය ලබාගෙන ඇත.

1

2

ඔහු ගේ නිර්මාණය 

මේ වෙනවිට  විවිධ නිර්මාණ රාශියක්  මොහු විසින් නිමකර ඇති අතර අද කතා කරන්න යන්නේ ඔහු විසින් නිර්මාණය කරපු අලින් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කිරීමට සැකසූ උපාංගයක් පිළිබඳවයි .මෙය elephant tracking device ලෙස අපිට හදුන්වන්න පුළුවන් 

මෙම නිර්මාණය සිදු කිරීම සඳහා මූලික වශයෙන්ම පාදක වුණු අරමුණු තුනක් පිළිබඳව ඔහු විස්තර කරයි.එ නම් ,

  • ඔහුට අවශ්‍යයි අලි මිනිස් ගැටුමෙන් මිනිසාට වන හානිය අවම කිරීමට 
  • ඒ වගේම වන අලින්ට සිදුවන හානිය අවම කිරීම
  • සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කර ලීම 

ඒ අතර ප්‍රධාන අරමුණ ලෙස දක්වන්න පුළුවන් .

මෙම උපකරණය ඉතාමත් සරල ප්‍රමාණයෙන් කුඩා පුංචි උපකරණයක් වුනත් මෙහි ක්‍රියාකාරිත්වය නම් විශාල කාර්ය භාරයක් සිද්ධ කරනවා කියලා තමයි ඔහු පවසන්නේ.

3

උපකරණය ක්‍රියාත්මක කරන ආකාරය

  • මෙම උපකරණය වනයේ ජීවත් වන අලියෙකුගෙ ශරීරයට සවි කළ යුතුය.මෙහිදී ඔහු මෙම උපාංගය කුඩාවට නිර්මාණය කර තිබෙන්නේ අලියකුගේ ශරීරයේ ඔහුට කරදරයක් නොවන ආකාරයෙන් රඳවා තබා ගැනීම සඳහාය.
  • මෙම උපාංගය අලියෙකුගේ ශරීරයේ රඳවා තබන විට එම අලියා ගම් සීමාව ඉක්මවා පැමිණෙන විට ගම්වැසියන්ට ක්ෂණික  පණිවිඩයක් ලබා දී  අනතුරු ඇඟවීමක් සිද්ධ කිරීමට හැකිය.
  • මෙම උපාංගය ජංගම දුරකථන බැටරියක් මගින් ක්‍රියාත්මක වන අතර  මෙහි battery බැසීම සිදු වන්නේ නැත.ඒ නිසා සූර්ය බලයෙන් ආරෝපණය වීමට හැකි ආකාරයෙන්  සකස් කර ඇති මෙය බාහිර  අනතුරකට ලක් වුවොත් ඇරෙනෙන්න කිසිවිටෙකත් විනාශ වන්නේ නැත.
  • කෙනෙක්ට ප්‍රශ්නයක් පැන නගින්න පුලුවන් අලියකු පැළඳ සිටින මේ උපකරණය විනාශ වී ගියහොත් එය අපි දැනගන්න කොහොමද කියලා.ඉතින් මේ සඳහා මොහු ඇතුළු කණ්ඩායම විසින් අපූරු පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා .
  • ඒ කියන්නේ වනයේ සිටින සියලුම අලි ඇතුන් පැළඳ සිටින මේ උපකරණය සම්බන්ධ කරන ප්‍රධාන පද්ධතියක් තිබේ .මේ පද්ධතිය මගින්  ඔවුන් ගමන් ගන්නා මාර්ගය ,ඔවුන් ගේ ජීවන රටාව  ආදී සියලුම දේ නිරීක්ෂණය කළ හැකි ය.මෙම පද්ධතිය හේතුවෙන් ම  විනාශ වන උපකරණය ද හඳුනා ගැනීමට හැකිවේ   

4

5

6

ඔහු වැඩිදුරටත් පවසන ආකාරයට මේ උපකරණය මඟින්  වන අලි ගැටුමට විසඳුමක් පමණක් නොව අලියකුට අසනීපයක් වූ අවස්ථාවන්වලදී එය දැන ගැනීමට හැකි වීම ,සංචාරකයන්ට අලියන් ගැවසෙන ස්ථාන වලින් බැහැරව ගමන් කිරීමට හැකි වීම,අලියන් ගේ දින චර්යාව නිරීක්ෂණය කිරීමට ඇති හැකියාව ආදි වාසි සහගත තත්වයන්  බොහොමයක් අපිට ලබා ගැනීමට හැකියාව ඇත . ඔහු තමන්ගේ මෙම නිර්මාණය පිළිබඳ රජයේ වගකිවයුතු පුද්ගලයන් දැනුවත් කල අතර එයට සුදුසු පිළිතුරක් ලැබෙන තුරු අපේක්ෂාවෙන් සිටී.

ඉතින් දේශීය දැනුම සහ තාක්ෂණයන් භාවිතා කරමින් මෙලෙස නිපදවන නව නිපැයුම් තුලින්  ලොව ජය ගැනීමට හැකි නම් එය කෙතරම් භාග්‍යයක් ද? නමුත් මෙලෙස නිපදවන නව නිපැයුම් කුණු කූඩයට නො දමා ඔවුන්ගේ අභිමතාර්ථ ඉෂ්ඨ කිරීමට හැකි වන පරිදි ඉදිරියට යාමට අවශ්‍ය සියලුම පහසුකම් සලසා දීම  රජයේ වගකීම වේ .

7

8

9

M.ශෂිකලා මදුෂානි 

B.A in Communication Studies  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *