Made In Sri Lanka

Made In Sri Lanka Updates

තමන්ගේ අරමුණු යාථාර්තයක් කරගෙන කැනඩාවේ මුල් පෙලේ ආයතනයක් හිමි ලාංකීකයා

අපේ ලාංකීකයක් යම් අවස්ථාව වලදී අපුරු අපුරු දේවල් සිදු කරනු ලබනවා. බොහෝ විට ඒ අතර රටක් ලෝකයක් පුදුම කරන දේවල් ද වනවා. අපිට හිතන්නවත් බැරි දේවල් කරන අරුම පුදුම මිනිස්සු මේ පුංචි රට ඇතුලේ ඔනෑ තරම් ඉන්නවා. මේ එවැනි අරුම පුදුම වැඩක් කරනු අපේ ලාංකීකයෙකු ගැන විස්තරයක්. ඔහු පිළිබද ලෝකයම දැන ගන්නේ ඔහු ගිනස් පොතේ නම රැන්දු නිසා වේ. ඒ අකාරයෙන් ඔහු ගිනස් වාර්ථා පොතය යන්නේ ලෝකයේ දිගම කොණ්ඩයට හිමිකම් කියන පුද්ගලයා ලෙසටයි. මොහු නමින් සුදේශ් මුතුනවගොන්න වේ. මොහු අද වන විට කැනඩාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචකී‍්‍රයකරණය වෙතින් නිෂ්පාදන නිපදවන එම අංශයේ මුල්පෙළේ ආයතනයක් ඇත. එනම් නැතහොත් ලෝකයේ එහා ඉවුරේ සිට විෂන් ප්ලාස්ටික් ඉන්කෝපරේෂන් ගොඩ නගන්නේ මෙතුමා වේ.

පරිසරයට සම්බන්ධ රැකියාවක් කිරිමේ ඇති ආශාව නිසා නැව් රස්සාවකට යාමට මොහු දැතවත් අහා කරනු ලබනවා. කාලයක් යන විට මොහු ජර්මාන් කාර්මික ආයතනයේ පුහුණු පාඨමාලාවකට යොමු වනවා. ඉන් පසු ඔහු විදේශ ගත වන අතර ඒසේ විදේශ ගත වන්නේ ජලය සම්බන්ධ රැකියාවක් කිරිමේ ආහාව නිසාම වේ. කෙසෝ ඔහු අශාවෙන් සිටි නැව් සම්බන්ධ රැකියාවක් සදහා යොමු වනවා. අපහසුවෙන් වුවත් ඔහු නැව් රැකියාවේ යොමු වෙලා කටයුතු කරනු ලබුවා. මොහුට වැඩි දුරටත් නාවික රස්සාවට අවශ්‍ය සුදුසුකම් වැඩි කර ගැනීම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට නැවත ලංකාව විත් ඔහු වැඩිදුර අධ්‍යාපනය ලබනවා. ඉන් අනතුරුව ඔහු ලෝකය වටේ යමින් වසර දෙකක් විතර නැව් රස්සාවේ යෙදුනා. ඔහුගේ නැව් සම්බන්ධ රැකියාවේදි අත්දැකිම් බොහෝමයකට මොහු මුහුණ දෙනු ලබනවා.

1

ඔහුගේ මතකයේ රැදුනු විශේෂ ගමනක් වුයේ ඇමෙරිකාවේ උතුරු අර්ධද්වීපයේදී එනම් කැනඩාවේ උතුරු කොනට යාමට අවස්ථා උදා වීමයි. එහිදි ඔහු යහළූවෙකුගේ මාර්ගයෙන් වෙනත් රැකියාවක් සදහා යොමු වන අතර හිදි ප‍්‍රතිචකී‍්‍රයකරණ කටයුතු සිදුකළ සමාගමක ප්ලාස්ටික් අංශයේ රැකියාවක් සදහා මොහු යනවා. එහිදි බොහෝ දේ ඉගෙන ගන්නා මොහු වසරක් පමණ එහි රැකියාව කොට අවන්හලක රැකියාවක් සදහා යනු ලබයි. මේ සියලු රැකිාය වලින් පසු ලංකාවට පැසිණෙන ඔහු නිතරම කැනඩාවට ආශා කළ නිසා නැවත කැනඩාවට යන මොහු වීසා නොමැති නිසා කැනඩාවෙන් පිටමන් කරනු ලබනවා.

2

මොහු තෙවන වරත් කැනඩාවට යන්නේ ඔහුගේ කැනඩාවට එතරම්ම කැමැත්ත දැක්වු නිසා වේ. කාලයක් යන විට විවහා වන මොහු ඉතා අසීරු කාලයක් ඔහුගේ පිරිද සමග ගෙවන අතර වෙනදාට වඩා ධෛර්යමත් වූ ඔහු පුංචි ඉඩක”විෂන් ප්ලාස්ටික්” කුඩා ආයතනයක් පවත්වා ගෙන යනු ලබනවා . මෙහිදි සිදු කරනු ලැබුවේ ප්ලාස්ටික් ඉවතලන සමාගම්වලින් ගෙනැවිත් ඒවා තෝරා ඒවා ඔහු දැන සිටි ආයතන වෙත යොමු කිරීමයි. කුඩාවට පටන් ගත් මේ ආයතනය ඔහු විසින් පසුව ප්ලාස්ටික් වෙන් කෙරෙන යන්ත‍්‍රයක් මිලදී ගනු ලබනවා. ටික කාලයක් යන විට කුඩාවට පටන් ගත් මේ ආයතනය සේවකයන් කිහිප දෙනෙකු බදවා ගනු ලබනවා. කැප වේලා තමන්ගේ වැඩකටුයුතු කරන මොහු අධික ශීතලේදී පවා මහන්සි වෙලා කටයුතු කරනු ලබනවා.

3

කාලයක් යන විට ඔහු කුඩාවට ආරම්භ කරන ලද මේ ආයතනය විෂන් ප්ලාස්ටික් ඉන්කෝපරේෂන් නමින් වෙනත් ස්ථානයක පවත්වා ගෙන යාමට මොහුට හැකි වන අතර ආයතනයේ විවිධ අංශවලට අයත් යන්ත‍්‍ර එකිනෙක සියල්ල මොහු විසින් සපුරා ගනු ලබනවා. ඔුහගේ මේ ආයතනය මගින් ප්ලාස්ටික් කුලූනු නිෂ්පාදනයද ආරම්භ කරනු ලබනවා. ඒ අනුව ප්ලාස්ටික් සම්බන්ධ අංශයේ ආයතන අතරින් පළමු ආයතන 5 අතරට මොහුගේ ආයතනයත් එනු ලබනවා. අද වන විට කැනඩාවේ තියෙන ස්ථාපිත ප්ලාස්ටික් ප‍්‍රතිචකී‍්‍රයකරණය වෙතින් නිෂ්පාදන නිපදවන එම අංශයේ මුල් පෙළේ ආයතනයක් බවට පත් වී ති‌බෙනවා. ජිවිතය මොන කම්කටොළු පැමිණියත් දුක් විදලා තමන්ගේ අරමුණ වෙත යන්නේ නම් අනිවාර්යෙන්ම තමන්ගේ හීනය දිනයක යාථාර්තයක් බවට පත් කර ගත හැකි බවත් දිනයක අපහසු හැරි බලන විට තමන් පැමිණි දුර ගැන තමන්ටම නිහතමානි සතුටක් ලගා කර ගත හැකි බවට මෙතුමාගේ කතාවෙන් පැහැදිලි වේ.

4

5

6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *