Made In Sri Lanka

Made In Sri Lanka Updates

රෝද පුටුවකට ජිවිතය සීමා වුවත් දිරිය දියණියක් ලෙස ලෝව දිනු වෛද්‍ය සමිතා සමන්මලී

විවිධ  සෞඛ්‍ය හේතුන් මත විවිධ අබාධිත බවට ලක් වු අය ගැන අප දැක තිබෙනවා. නමුත් තමන්ට ඇති ආබාධය ගැන සිතමින් ඒ මත්තේම දුක් වේවි  ඉන්නේ නැතිව තමන්ගේ ජිවිතේ ජයග්‍රහණය කරන ලද අය ගැන අපි ලෝකයේ විවිධ රට වලින් වාගේම අපේ රට තුළින්ද අසන්නට වාගේම දකින්නටත් ලැබි තිබෙනවා.අපි මේ කියන්නට යන්නේ එවැනි අබාධිත තත්වයේ පසු වුවත්  ඒ් සියල්ල පසෙකලා තමන්ගේ ජිවිතයේ අරමුණු වලට ගිය අපේ රටේ දිරිය දියණියක් ගැනයි. ඇය නමිනි වෛද්‍ය සමිතා සමන්මලී වේ. මෙතුමිය ගැන කතා කරන විට ඇය මිට වසර ගණනාවකට පෙර ඒ් කියන්නේ 2008 වසරේදි අනතුරක් නිසා ආබාධිතයෙකු බවට පත් වනවා.

මේ අබාධිත බවත් සමග ඇයට ඇයගේ අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට සිදු වනවා. ඒ අනුව ඇය විදෙස් ගතව ඇගේ අධ්‍යපන කටයුතු නිම කරනු ලබනවා. පසුව ඇයට සිදු වන්නේ නොසිතු ලෙස ඇයගේ ජිවිතය රෝද පුටුවකට සීමා කිරීමටයි. ඇය ඒ් නිසා බොහෝ කම්පා වුවත් ඇය මේ වන විට මේ ජිවිතයට හුරු වී අවසන්.  තමන්ගේ ජිවිතයටම අභියෝග කළ ඇ අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක සේවය කරනු ලබනවා. ඇය වර්තමානයේදී ආබාධිතයන් පුනරුත්ථාපනය කිරීමේ ශ්‍රී  ලංකා පදනමේ ද විධායක කමිටුව නියෝජනය කරයි.

ආබාධ සහිත පුද්ගලයින් ගැන සමාජයේ මිනිසුන් බලන්නේ වැරදි ආකල්පයකින් වුවත් එසේ නොකළ යුතු වේ. ඊට හේතුව වන්නේ සමාන්‍ය මිනිසුන් මෙන් ඔවුන්ද සමාජයේ ජිවත් විය යුතු අය බවට ඇයගේ මතයයි. ඇය 2017 වසරේදී ඔස්ට්‍රේලියා රජය ලබා දුන් ශිෂ්‍යත්වයක් මගින් ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ “ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රමවේද” පිළිබඳව වැඩිදුර හදාරනු ලබන අතර එහිදි එම රටේ ආබාධ සහිත පුද්ගලයින්ට එම සමාජයේ සලකන ආකාරය දකින ඇය අපේ ශ්‍රී ලාංකීක සමාජය ගැන කණගාටු වනවා.

1

2

ඇය ගැන වැඩියෙන් කතා බහට ලක් කරනු ලැබු කරුණක් තිබුනා ඒ තමයි  වෛද්‍ය සමිතා සමන්මලී දකුණු කොරියාවේ පැරා  ඔරු පැදීමේ තරගාවලියට සහභාගි වීමයි. කිහිප දෙනෙකුගේ සහය ඇතිය ඔරුවට නගින්නේ  ඇයගේ මේ ආබාධිත බව නිසයි.  දකුණු කොරියාවේ පැවැති මෙම පැරා ඔරු පැදීමේ තරගාවලියේදී ඇය නියෝජනය කළේ කාන්තා ඒකල අංශය වන අතර ඒහිදි  එහිදී ඇය කිලෝමීටර් 2කින් සමන්විත තරගය සාර්ථකව නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනිමට අවස්ථාව උදා  වෙනවා.

3

4

සමාජයේ අනෙකුත් පුද්ගලයන් දිහා බලන ආකාරයම ආබාධිත පුද්ගලයන් දිහාද බැලිය යුතු බව ඇයගේ මතයයි. ඊට හේතුව වන්නේ අද වන විට සමාජයේ ආබාධිත ආබධිත පුද්ගලයන් සදහා විවිධ පහසුකම් අවශ්‍ය වීම ගැන ඇය බොහෝ විට කතා කරනු ලබයි.  ඇය අබාධිත වුවත් ඇය හැකි සැම අවස්ථාවකදිම තකෙුකට පිහිට වීම සදහා කටයුතු කිරීමත් ඇයගේ බලාපොරෝත්තුව වේ.තමන්ට යම් දේයක් නිසා  කරදරයකට මුහුණ දීමට සිදු වුවහොත් ඒ ගැන සිතමින් කල් ගෙවනවාට වඩා සමන්ගේ සාර්ථකත්වට කරා යන ගමන තමන් විසින්ම සදා ගත හයුතු බවට ඇයගේ මේ කතාවෙන් අපි හැ‌මෝටම ආදර්ශයක් ගත හැක.

5

6

7

8

9

10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *