Made In Sri Lanka

Made In Sri Lanka Updates

පොඩි ඉඩක වවා ගන්නට හැකි රස ගුණ පිරි දම් පාට බතල

අල වර්ග ගණනාවක් අපේ රටේ දික්නට ලැබෙනවා. ඒ් අතර මඤ්ඤෝක්කා, රටල, ඉන් අල, බතල, ආදි ලෙස විවිධ වු අ‍‍‍‍ල වර්ග තිබෙනවා. මේ කියන්නට යන්නේ අපි කවුරුත් දන්න බතල ගැනයි. මේ කියන බතල වල විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි අපි සමාන්‍යයෙන් දකින් බතල අලයේ පැහැය වාගේම වුවත් මෙහි ඇතුළත දම් පැහැයෙන් යුක්ත වීමයි. බතල පැණිරසක් සහිත පිෂ්ටමය අල වර්ගයක් වේ. බතල කියපු ගමන් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා බතල ආහාරයට ගන්න කැමති.

බතල කියන්නේ බෝ නොව රෝග වලක්වා ගැනීම සදහා ඇති ගුණදායකම ආහාරයක් වේ. කාබෝහයිට්ඩ්‍රේට්,විටමින්, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක සහ තන්තු වලින් පොහොසත් වේ. අපි මේ කතා කරන දම් පාට බතල ගැන කියන විට මේවා ඔබට දින 90 කින් අස්වැන්න ලබා ගත හැකි වනවා. විශාල බතල අල ප්‍රමාණයක් ලබාගැනීමට බිම ද නැතිනම් මේවා ඔබට බදුනක වුවද වගා කළ හැක. අපි මේ කියන දම් පැහැයෙන් යුතු බතල අල වල ගුණ ගැන කතා කරන විට මේ ඉතා ඉහළ ගුණයක් අඩංගු වේ. ඔබ ඉදුනක මේ දම් පැහැති බතල අල සිටවන්නේ නම් ඒම බදුනේ සිටවන බතල වැල අනිවාර්යෙන්ම කොටුවක් ගසා හෝ වැල ඉහළට යන සේ සකස් කල යුතු වේ.

1

එම වැලි පොළය දෙසට යන්නේ නම් ඒහි හටගන්නා කුඩා අල නිසා ඔබගේ අස්වැන්න හරියාකාරව හට නොගැනීම සිදු වේ . ඔබට හරි විදිහට මේ බතල පැලයක් සිටවා ගන්නට හැකි නම් මාස 3 යන විට ඔබට හොද දම් පැහැති බතල අල ටිකක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබට එම බතල වැලේ අතු කොටස් පැල කර ගැනීමේ හැකියාව ඇත. ඒහිදි වගා මාධ්‍ය ලෙස මතුපිට පස් සහ කොම්පොස්ට් පොහොර භාවිතා කළ හැක. ඔබට මේ බතල වැලේ අතු රිකිල්ලක් මෙන්ම අල කොටසකින් වුවද වගා කිරීමට හැක. නිවසේ ගෙවත්තේ ඉඩ තිබෙන තැනක හිරු ඒළිය හොදින් වැටෙන තැනක කුඩා ඉඩක වුවත් මේ දම් පාට බතල සිටවා ගත හැක.

2

3

4

5

6

7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *