Made In Sri Lanka

Made In Sri Lanka Updates

අත්ට්‍රැක්ටරය ලෝකයට හඳුන්වා දුන් රේ විජයවර්ධන මහතා

“අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නො නගී ” යන්න අපි කවුරුත් සිතා බැලිය යුතු කියමනක්.ලොව දියුණු වීමත් සමග අලුත් සොයා ගැනීම් නවෝත්පාදනයන් නිරන්තරයෙන්ම සිදු වේ. වාහන ,ඇඳුම් පැළඳුම් ,ආහාර ආදී සියලුම අවශ්‍යතා වෙනුවෙන් අන් රටවල් මතින් යැපෙනවා වෙනුවට දේශීය දෙයක් නිෂ්පාදනය  කරමින් දේශීයත්වය රැක ගනිමින් විශාල සේවයක් ඉෂ්ඨ කරපු අපූරු විද්‍යාඥ ගැන තමයි අපි අද කියන්න යන්නේ.

කුඩා වියේදී පටන් ම අහස් යානා පදවන්නෙක් බවට පත් වෙන්න  හීන දැකපු මේ අපූරු පුද්ගලයා නමින් රේ විජයවර්ධන හෙවත් රේවත විජේවර්ධන වේ .

පවුලේ තොරතුරු හා පාසල් අධ්‍යාපනය 

වර්ෂ 1924 අගෝස්තු මස 20 වන දින  කොළඹ දී උපත ලද මොහු  පිලිප් රේවත විජයවර්ධන යන නමින් ප්‍රසිද්ධ විය.

ඉගෙනීමට දස්කම් පෑ මොහු තමන්ගෙ නිරන්තරයෙන්ම  සිහිනයක් වූ ඉංජිනේරු අංශය  සහ ගගනගාමී අංශයන් තුළ ප්‍රවීනයකු වීම සඳහා එක්සත් රාජධානියේ ක්‍රේම්බිජ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වේ . එහිදී ඉංජිනේරු සහ ගගනගාමී  යාන්ත්‍රික හා කෘෂිකර්ම යන විෂයයන් පිළිබඳ ඉංජිනේරු උපාධි පාඨමාලාවක් හදාරන මොහු එය උසස් ලෙස ජය ගනී . 

ඉන් අනතුරුව හාර්වඩ් විශ්ව විද්‍යාල වෙතින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගන්නා මෙතුමා ඊට ටික කලකට පසු එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කිහිපයක් වෙතින්  ගෞරව උපාධි ලබා ගැනීමට සමත් වුණා.

ඔහුගේ නව සොයා ගැනීම්

නිරන්තරයෙන්ම කෘෂිකර්මාන්තයට අවධානය යොමු කළ මෙතුමා  වර්ෂ 1955 දී හරි අපූරු නිර්මාණයක් ලෝකයට එළිදක්වනවා.ඔහුට හැකියාවක් ලැබෙනවා ලැබෙනවා ලෝකෙ ප්‍රථම රෝද දෙකේ අත් ටැක්ටරය නිෂ්පාදනය කරන්න කෘෂි කර්මාන්තය සඳහන් නිරන්තරයෙන්ම ප්‍රයෝජනයක් වූ මේ නිෂ්පාදනය නිසා ලොව සියලුම දෙනා මවිතයට පත්විය.

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ ඔහු මෙම නිෂ්පාදනය හඳුන්වා දුන්න ද බොහෝ පාලකයන් පැවසුවේ  එයට වඩා හොඳ උපකරණ ශ්‍රී ලංකා වෙළෙඳ පොළේ පවතින බවයි. එලෙස නිෂ්පාදනය කළ ලොව ප්‍රථම රෝද දෙකේ අත් ට්‍රැක්ටරය  ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරත් එක්සත් රාජධානියේ නොටින්හැම් හි ලෑන්ඩ් මාස්ටර් සමාගම විසින් මෙම නිෂ්පාදනය වැඩි මුදලක් ලබා දී මිළ දී ගන්නවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ අපේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය අත් ට්‍රැක්ටර්  එම ආයතනයෙන් ලබා ගැනීම සිදු වෙනවා.

මෙලෙස නිෂ්පාදනය කරපු  මෙම නිෂ්පාදනය ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කල නිසා  අපි වැඩි මුදලක් විදේශ රටකට ලබාදී අපේ දේශීය නිෂ්පාදනයක් ලබා ගැනීමේ තත්ත්වයකට පත් වූයේ අපේම වරදින්ය. ඉන් නොනවතින මෙතුමා පසේ සාරවත් බව සහ වල් පැළෑටි නිසියාකාරව කළමනාකරණය කිරීමට හැකි ක්‍රමවේදයන් විවිධ පරීක්ෂණ ක්‍රම ඔස්සේ හඳුන්වා දෙනවා.

ඒ වගේම බෑවුම් සහිත කෘෂිකාර්මික ඉඩම් සඳහා  යොදාගත හැකි  පාංශු රක්ෂණ ක්‍රමවේදයක් ද මෙතුමා විසින් හඳුන්වා දුන්නා.

නිරන්තරයෙන් ම හේන් ගොවියා සහ වෙල් ගොවියගෙ ජිවිතයට බලපාන ගැටලු වලට සාර්ථක විසඳුම් ලබා දෙමින් කාලය ගත කළ මෙතුමා සැහැල්ලු ගුවන් යානා සහ හෙලිකොප්ටර  නිවසේදිම   අත්හදාබැලීමේ ක්‍රියාවලියක ද නිරත වුණා.  

මෙවැනි අත්හදා බැලීම් ඔස්සේ නිෂ්පාදනය වුණු නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ගබඩාවක ස්ථාපිත කර තිබූ ලිහිණියා  නම් සැහැල්ලු ගුවන් යානය ද මෙතුමා අතින් නිෂ්පාදනය වූ නව නිපැයුමක් .

ඔහු සේවයේ නිරත විවිධ අංශ

රේ විජේවර්ධන 1980 ගණන්වලදී ඔහුගේම සැහැල්ලු ගුවන් යානයකින් ශ්‍රී ලංකාව හරහා පියාසර කරයි

හරිත විප්ලවය ආරම්භ වූ කාල  කාලවකවානුවේ එය මෙහෙයවූ  ප්‍රධාන පෙළේ  නායකයෙකු ලෙස කටයුතු කළ මෙතුමා 1970 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ ලෝක බැංකුව සමඟ නිවර්තන ගොවිතැන් ක්‍රම පිළිබඳ පරීක්ෂණ සිදු කරන විද්‍යාඥයෙක් ලෙස සේවයට එක් විය.

තරුණ රේ විජේවර්ධන 1940 ගණන්වල කේම්බ්‍රිජ් පියාසර දිනවලදී

වර්ෂ 1975හෙ සිට අවුරුදු පහක කාලයක් නයිජීරියාවේ  ඉබාඩාන් ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර නිවර්තන කෘෂිකර්ම ආයතනයේ  කෘෂිකාර්මික ඉංජිනේරු සහ පරීක්ෂණ අංශ ප්‍රධානියා ලෙස ද ලෙස ද සේවය කර ඇත. කෘෂිකර්මාන්තය, විද්‍යාව හා තාක්ෂණය යන විවිධ අංශයන් සඳහා වටිනා නිෂ්පාදන රාශියක් සහ  දැනුම් සම්භාරයක් එකතු කර පුද්ගලයෙකු ලෙස මේ අපූරු මිනිසා 2010 අගෝස්තු මස 18 වන දින  අප අතරින් සමු ගන්නේ පොළොවට බරක් නැති නිහතමානි ශ්‍රී ලාංකිකයකුගේ ආඩම්බරකාර අභිමානය අපිට කියා දෙමින් ය. 

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies

Leave a Reply

Your email address will not be published. Required fields are marked *