Made In Sri Lanka

Made In Sri Lanka Updates

සරුවට ඕකිඩ් මල් වගා කරන්න කැමති අයට වැදගත් වන කරුණු ටිකක්

ඕකිඩ් මල් වර්ගය ගැන කතා කරන වීට ගෙවතු අලංකරණයේදී බොහෝමයත් දෙනා කාලයක් පවතින මේ විවිධ වර්ගයේ ඕකිඩ් මල් වගාවසිදු කිරීම සදහා දැඩි කැමැත්තක් දක්වනු ලබනවා. මිල කීය වුවත් විවිධ ජාතියේ වර්ණවලින්, හැඩයන්ගෙන්, විවිධ ප්‍ර‍මාණයන්ගෙන් යුතු මේ ඕකිඩ් මල් පැල මිලදී ගැනීම සිදු කරනු ලබනවා. ජනප්‍රිය මල් වර්ගයක් වුවත් බොහෝ දෙනා කියන ආකාරයට මේ ඕකිඩ් මල් වගාව සිදු කිරීම තරමක් අපහසු කාර්යයක් වෙනවා. බොහෝ දෙනෙකුට මල් හට ගන්නා ලෙස පහසුවෙන් මේ පැලයක් සිටවා ගැනීම අපහසු කටයුත්තක් ලෙසයි කියන්නේ.

අසාවෙන් සිටියත් මේ නිසා හරියාකාරය ඕකිඩ් මල් වගා කිරීමට බැරි තත්වයකට බොහෝ දෙනා පත් වනවා. නමුත් ඔබ ඕකිඩ් මල් වගා කිරීමට දැඩි කැමැත්තක් දක්වන කෙනෙතු නම් ඒ සදහා ඔබට සැලකිලිමත් විය යුතු කරනුණු කිහිපයත් තිබෙනවා. ඒ ගැන තමයි ඔබට මේ පැහැදිලි කර දිමට යන්නේ මුලින්ම ඔබ බොහෝ විට සිදු කරනු ලබන්නේ ඕකිඩ් මල් පැල සහිත මල් තවාන් වලින් මේ පැල මිලදී ගැනිමයි. එහිදි ඔබට වගාව සම්බන්ධ හොද දැනුවත් කිරීමක් දෙන,පැල වලට යොදන අදාල පොහොර වර්ග ආදිය පිළීබද ඔබ දැනුවත් කරන ඔබට නිසි උපදෙනස් ලබා දෙන ස්ථානයකින් පැල ලබා ගත යුතු වේ.

1

මුලින්ම ඔබ මේ ඕකිඩ් මල් වගාව සුළු ප්‍ර‍මාණයකින් පටන් ගැනීම කළ යුතු වනවා. සුළුවෙන් පටන් ගන්නා විට ඔබට මේ ඕකිඩ් මල් වගාව ගැනි විවිධ අයුරින් අත්දැකීම් ලැබෙන අතර. ඒවා තුළින් ඔබට අවශ්‍ය දැනුම නිරායාසයෙන්ම ලැබෙනවා. ඔබ මිළලට ඕකිඩ් මල් වගාව කිරිමේදි දැනුවත් විය යුතු ප්‍ර‍ධානම කරුණක් වන්නේ දැඩි හිරු එළිය ඇති ස්ථානයක මෙම ඕකිඩ් මල් වගාව සිදු කරන්නෙ නම් මින් ඉදිරියට එය සිදු නොකිරිමයි. ඊට හේතුව වන්නේ ඕකිඩ් මල් වගාව අවශ්‍ය වන්නේ සෙවන සහිත ස්ථානයක් වීමයි. ඒ අනුව සමාන්‍ය හිරු එළියක් වැටෙන ස්ථානයක මේ පැල ඔබට තැබිය හැක.

2

මේ සදහා ඔබට මල්පැල ටික ආවරණය වීම සදහා ඕකිඩ් පැල වගාවට සුදුසු නෙට් වර්ගයක්ද යෙදීමේ හැකියාව තිබෙනවා. ඕකිඩ් මල් වගාව සදහා ජය යෙදීම පිළිබද කතා කිරිමේදි අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය යෙදීම කළ යුතුය. වගා මාධ්‍යය තෝරා ගැනීමේදී පැලයට අවශ්‍ය තෙත ප්‍රමාණය පමණක් රඳවාගෙන වැඩි ජලය ගලා යැමට හැකි මාධ්‍යයක් තෝරා ගත යුතු වේ. (ගඩොල් කැට, උළු කැට, අඟුරු, පොල් ලෙලි) ඕකිඩ් වගාව සෙවණ සහිත ගෘහයක් තුළ සකස් කරන්නේ නම් එය වඩාත් යෝග්‍ය වේ. එතකොට කෘමි හානියෙන් පැල ආරක්ෂා කර ගන්නට හැකි වෙනවා.

3

ඔබ විසින් සදාන මේ ඕකිඩ් මල් පැල ඔබට හැකි නම් පොළවේ සිට අඩි 2 වඩා උසකින් තැබීම කරන්න පුළුවන් එය පැල තැබීය හැකි සුදුසුම ක්‍ර‍මය වනවා. එවිට සාත්තු කිරීම වාගේම සතුන්ගෙන් වන හානියත් අවම කර ගන්න පුළුවන්. ඕකිඩ් මල් කිණිති ලෙස සැදෙන නිසා අනෙකුත් පැළවල හැපීමෙන් මල් සහ පොහොට්ටු වැටෙන්නට ඉඩ තිබෙනවා. මේ නිසා පැල අතර යම් තරම් දුර තබා ගැනීමද අවශ්‍ය වේ. ඕකිඩ් මල් වගාව ඇල්මක් දක්වන ඔබට වගාව සාර්ථකව කර ගැනීමට හැකි ඔයබ අනිවාර්යෙන්ම සිතිය යුතු සරල කරුණු ටිකක් තමයි ඔබට අපි ගෙන ආවේ.

4

5

6

7

8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *