Made In Sri Lanka

Made In Sri Lanka Updates

ඔක්සිජන් පිට කරන නිවස තුල තියන්න හොඳම ශාකය

ගෙවතු අලංකරණයේදි ජනප්‍රිය බොහෝ ශාක වර්ග තිබෙනවා. ඒ වාගේම නිවස ඇතුලේ අංලකරණය සදහාත් එවැනිම ජනප්‍රිය ශාක වර්ග තබනවා. අපි මේ කියන්නට යන ශාක වර්ගය ඉතාමත් වටිනා ශාකයක් වුවත් අපේ රටේ වැඩිය මේ ශාකය වැඩි වශයෙන් ජනප්‍රිය වී ඇත්තේ විදේශ රට වල වේ. මේ නිසාම විදෙශ වෙළදපොලේ විශාල ඉල්ලුමක් මේ ශාකයට තිබෙනවා. මේ කියන්නට යන ශාක විශේෂය වන්නේ සෙන්සවේරියා ශාකය ගැනයි. මේ ශාකය සතුව විශේෂ වු ගුණාංගයක් පවති. අපි දන්වා ආකාරයට සමාන්‍යගස්වැල් දහවල් කාලයේදි ඔක්සිජන් පිට කිරීම සිදු කරනු ලබන අතර රාත්‍රී කාලයේදි කාබන් ඩයොක්සයිඩ් පිට කරනු ලබයි.

නමුත් අපි මේ කියන් සෙන්සවේරියා ශාකයේ ඇති සුවිශේෂිත්වය වන්නේ මේ ශාකය මගින් පැය විසි හතර පුරාවටම පරිසරයට ඔක්සිජන් පිට කිරීම සිදු කරනු ලබයි. මෙම ශාකය ඔබට නිවසෙන් පිටතේදී වාගේම ඇතුලේ ද තබා ගැනීමේ හැකියාව ඇත. ආහාර ජලය නැතිව පැය කිහිපයක්, දිනයක් වුවත් සිටිය හැකි වුවත් අපට ඔක්සිජන් නැතිව එක තප්පරයක්වත් සිටිය නොහැකි. නමුත් දවස පුරා ඔක්සිජන් පිට කරන නිසා මේ ශාකය බොහෝ විට නිවස ඇතුලේ තබා ගැනීම එක් ආකාරයකින් ඔබට වාසි සහගත වේ. මීට අමතරව වායු වල පවතින දූෂක ඉවත් කිරීමේ හැකියාවද මේ ශාකය සතු වේ. මේ ශාකය ඕනෑම තැනක හොඳින් වර්ධනය වෙන අතර ඔනැම පරිසර තත්වයකට ඔරොත්තු දෙන ශාකයක් ද වේ. සෙන්සවේරියා ශාක පවුලේ ශාක බොහෝමයක් දැක ගත හැකි වේ.

මේවා වවිධ වර්ණයන්ගෙන් යුක්ත වනවා. මේවා විවිධ ප්‍ර‍මාණවලින්ද වර්ධනය වීම සිදු වනවා. මේ ශාකය පහසුවෙන් වගා කර ගන්න පුළුවන් අවම ජල ප්‍ර‍මාණයක් මේ ශාකය සදහා යෙදීම කළ යුතු වේ. සතියකට දින දෙකක් ජලය යෙදීම ප්‍ර‍මාණවත් වේ. මෙහි අලය සහිත කොටස් පමණක් පසට යට කොට සිටවීම සිදු කළ යුතු වේ. එහිදි ශාකයේ පත්‍ර‍ පස් වලට යට කිරීම නොකළ යුතු වේ. මුල් සහිත කොටසක් පහසුවෙන් සිටවීම කල හැකි අතර බදුනක මේය වගා කරන්නේ නම් එය වඩාත් සුදුසු වේ. මේ සදහා පස් මාධ්‍ය සකස් කිරීමේදි මතුපිට පස්, වැලි , ගොම පොහොර හෝ කොම්පොස්ට් පොහාර භාවිතා කළ හැක. මෙයට සතියකට සැරයක්වත් හොදින් හිරු එළිය වැටෙන ස්ථානයක තැබීම කළ යුතු වේ. අද වන විට වෙළදපොලේ මේ ශාකය සදහා හොද ඉල්ලුමක් පවතින අතර වාණිමය වාගාවක් ලෙසද මෙම සෙන්සවේරියා ශාක වගා කළ හැක.

1

2

3

4

5

6

7

8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *