Made In Sri Lanka

Made In Sri Lanka Updates

මාසිකව හොඳ ආදායමක් ලබාගන්න, ලිට්ට්‍රෝ ගෑස් නියෝජිතයෙක් වන්න

නූතනයේ දර වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ලේසි සහ කාර්යක්ෂම ඉන්ධනයක් ලෙස ගෑස් හඳුන්වන පුළුවන් විවිධ ගෑස් වර්ග අතරින් ලිට්රෝ ගෑස් කියලා කියන්නේ බොහෝ දෙනෙක් අතර වැඩි ඉල්ලුමක් පවතින ගෑස් වර්ගයක්.

කොතෙක් මිල පාලනයන් සිද්ධ වුණත්  ගෑස් භාවිතා කිරීමේ අඩු වීමක් දකින්නට නැහැ .හේතුව තමයි මෙය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ජනතාව අතර ප්‍රසිද්ධ වීමත් එය සීමිත සමාගම් කීපයක් අතර බෙදාහැරීම සිදු වීමත් නිසා විය හැකිය.

ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ ව්‍යාපාරයක් පටන් ගන්නවානම්  ඔබ ඒ පිළිබඳව මූලිකවම අවධානය යොමු යොමු කළ යුතු ප්‍රධාන කාරණා කිහිපයක් තිබේ. එවැනි කාරණා සම්බන්ධයෙන් ඔබ මුල සිටම අවධානය යොමු කළහොත් ඔබට සාර්ථක ලෙස මේ ව්‍යාපාරය දියුණු  කර ගැනීමට අවස්ථාව සැලසේ.

සුදුසු ස්ථානයක් තෝරා ගැනීම 

ඉතින් මෙවැනි ව්‍යාපාරයක් පටන් ගැනීමේදී ඔබ අනිවාර්යෙන්ම සැළකිල්ලක් දැක්විය යුතු ප්‍රධානම කරුණ තමයි මේ සඳහා ගැලපෙන ඉතා උචිත  ස්ථානයක් තෝරා ගැනීම. ස්ථානයක් තෝරා ගැනීමේදී ඔබ ටිකක් ඉඩකඩ තියෙන ස්ථානයක් තෝරා ගත යුතුයි .එයට හේතුව තමයි වාහනයක්  නවතා තබා ගැනීමට සහ හරවා ගැනීමට සුදුසු පරිදි ඉඩ කඩ ඔබ සකසා ගත යුතුයි .

ඊළඟ කරුණ ලෙස ඔබ මේ ව්‍යාපාරය  ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ  මිනිසුන් බොහෝ දෙනෙක් ජීවත් වන ප්‍රදේශයක හෝ නගර බද ප්‍රදේශයක නම් පාරිභෝගිකයන් ඇද බැඳ තබා ගැනීමට එය ඔබට ගොඩක් උපකාරී වේ.

 ඒ වගේම අනිත් වැදගත් කරුණ තමයි ඔබ ගෑස් සිලින්ඩර් ගබඩා කර ගැනීමට  ගෑස් කූඩුවක් සකස් කර ගත යුතුයි . එය මේ ව්‍යාපාරය ප්‍රධානම අංගයක් ලෙස සලකන්න පුළුවන් .

අවශ්‍ය ප්‍රාග්ධනය

සුදුසු ස්ථානයක් සකස් කර ගැනීම ,ගෑස් සිලින්ඩර් ලබා ගැනීම ආදී ක්‍රියාවන් සිදු කිරීම සඳහා  ඔබ අවම වශයෙන් මේ ව්‍යාපාරයට රුපියල් ලක්ෂ පහක මුදලක් වත් යෙදවිය යුතුයි.

ඔබ ව්‍යාපාරය ආරම්භ කරන මුල් අවස්ථාවේ දී  අවම වශයෙන් 12.5 ගෑස් සිලින්ඩර  හතළිහක් වත් ලබා ගත යුතු වේ.

ආයතනය හා බැඳි නීති 

  • මේ ව්‍යාපාර සිදු කරන විට ඔබට ආයතනය හා බැඳි විවිධ නීති රීති වලට අනුගත වීමට සිදු වේ.
  • ඒ අතර ප්‍රධාන කරුණක් ලෙස dealership සිදුකරන දෙදෙනෙක් අතර පරතරය 500m ක් විය යුතුය.ඊට අඩුවෙන් dealership ලබාදීම සිදුකරන්නේ නැහැ.
  • මේ ව්‍යාපාරය ආරම්භ කරන විට මුල් අවස්ථාවේදී ඔබ මේ සමාගම මගින්ම රෙගුලේටර් වෙනම මිලදී ගන්න ඕනේ.
  • ඒ වගේම තමයි ඔබට කිසිසේත් ණයට භාණ්ඩ මිලට ගැනීමට හැකියාවක් නැත .ඔබ භාණ්ඩ ලද විගසම එසැණින් මුදල් ලබා දිය යුතුය.

ව්‍යාපාරය සිදු කරන ආකාරය 

  • සියලු වැඩකටයුතු  සූදානම් කරගත් පසු මුලින්ම ඔබ ලාභ ඉපැයීම සඳහා සාර්ථක වෙළදාම් ක්‍රමයක් අනුගමනය කළ යුතුයි .
  • මේ ගෑස් ව්‍යාපාරය හා සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන් home deliver  ක්‍රමය. ඉතින් මේ ක්‍රමය මගින් මුල් අවස්ථාවේ බැරි  වුණත් කාලයක් යන විට පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක්  ලං කරගෙන වැඩි ලාභයක් උපයන්න පුළුවන්.
  • Home delivery ක්‍රමය යටතේ ලාභයක් උපයා ගැනීමට නම් ඔබ මුලින් ම ඉතා අඩු මුදලකට  නිවෙස් වලට මෙම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කළ යුතුයි. එසේ නොමැතිව ඔබ මුල් අවස්ථාවේදීම ප්‍රවාහන ගාස්තු ලෙස රුපියල් 150ක් 200ක් වැනි මුදලක් අය කර ගන්නවා නම්  විශාල පාරිභෝගික පිරිසක් ඔබට ගොඩ නගා ගැනීමට නොහැකි වේ .
  • එනිසා මුල් අවස්ථාවේදී හෝම් ඩිලිවර් ක්‍රමය  හෙවත් නිවසටම ප්‍රවාහනය සිදු කිරීම යටතේ රුපියල් පණහක් හතළිහක් වැනි  සුළු මුදලකට ඔබේ සේවය ලබා දිය යුතු වේ.
  • ඉතින් මේ ව්‍යාපාරය මගින් බොහෝ වාසි ඔබට ලබාගන්න පුළුවන්. ඒ අතරින් මේ ව්‍යාපාරය ආරම්භ කිරීමේ දී ලොකු ප්‍රචාරණයක් සිදු කිරීමට අවශ්‍ය නොවීම ප්‍රධානම වාසියක්. 
  • මේ ව්‍යාපාරය මගින් ඔබට 3% ප්‍රමාණය ලාභයක්  අත් කරගන්නට හැකි වේ.
  • මීට අමතරව ඔබ අලුත් ගෑස් සිලින්ඩරයක් විකුණා ගත්තොත් 4%ක ලාභයක් ඔබට ලබාගත හැකිවේ.

ඉතින් මෙවැනි ව්‍යාපාරයක් අද ම ආරම්භ කර  නිවසට වී සිටින මේ කාලයේ  ඉහළ ආදායමක් උපයාගන්න ඔබටත් හැකියාව තිබේ.

වැඩි විස්තර සඳහා 1311 දුරකථන ඇමතුමක් ලබා දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *