Made In Sri Lanka

Made In Sri Lanka Updates

සිමීතත ඉඩකඩක හයිඩ්‍රොපොනික් තාක්ෂණය යොදාගෙන ලෙසියෙන් කංකුන් වවන්නේ මෙහෙමයි

කංකුන් කියන්නේ ඉතාමත් රසවත්  පලා වර්ලගයක්. අපේ රටේ වාගේම බොහෝ රටවල විවිධ ආකාරයෙන් මේ කංකුන් සකස් කොට ආහාරයට ගනු ලබනවා. අපේ රටේ නම් මේ කංකුන් මැල්ලුමක් ලෙස, තෙල් දලා, කිරට උයලා වාගේම ඩෙවල් ආකාරයටත් සකසා ආහාරයට ගනු ලබනවා.කවුරුත් කන්න කැමති මේ කංකුන් බොහෝ විට සැදෙන්නේ ජලයේ හෝ තෙතමනය හොදින් ඇති ස්ථානවල වේ. බොහෝ විට නාගරික පරිසරයක සිටින කෙනෙකු නම් ඔබට මේ කංකුන් හරියාකාරව සිටවා ගන්න බැරි වෙන්න පුළුවන්.

නමුත් ඔබ කංකුන් කන්න කැමතිම කෙනෙකු නම් ඔබට කංකුන් තමන්ට තියන ඉඩක සිටවා ගන්න ඕන නම් මෙන්න මේ විදිහට උත්සහා කරලා බලන්න.මෙහිදි ඔබට කියන්නේ ගෘහස්ථව හයිඩ්‍රොපොනික් තාක්ෂණය යොදා ගෙන කංකුන් වගාව කරන්නේ කොහොමද යන්නයි. හයිඩ්‍රොපොනික් තාක්ෂණය කියලා කියන්නේ පස් භාවිතා නොකොට වගාව් සිදු කර ගන්නා ආකාරයක් වේ. මෙහිදි වගාවට අවශ්‍ය මාධය ලෙස යොදා ගනු ලබන්නේ දියර සහිත මාධ්‍යයක් වේ. ලෝකයේ රටවල් බොහෝමයක් අද වන විට මේ තාක්ෂණය යොදා ගනිමින් වගාවන් සිදු කරනු ලබයි. මේ තාක්ෂණය යටතේ විවිධ බෝගයන් වගා කිරිමේ හැකියාව ඇත.

නමුත් මේ කියන්නට යන්නේ හයිඩ්‍රොපොනික් තාක්ෂණය යොදා ගෙන ඔබ ආස කරන කංකුන් වගාව සිදු කර ගන්නේ කෙසේද යන්නයි. ඔබට අවම බඩු ප්‍ර‍මාණයක් යොදා ගෙන අවම මුදලකින් ඔබට ඇති සිමීත ඉඩ ප්‍ර‍මාණයේ මේ මේ කංකුන් වගා කරන විට ඔබ විසින් අවශ්‍ය කරන දේවල් එකතු කර ගැනීම සිදු කර ගන්න ඕන. එහිදි මුලින්ම පියන හොදින් වැසෙන ඍජිෆෝම් පෙට්ටියක්, ( මේ සදහා ඔබට හොදින් පියන වැසෙන ප්ලාස්ටික් බදුනක් වුවත් භාවිතා කළ හැක) විනිවිද පෙනෙන පැණි බීම පානය සදහා යොදා ගන්නා ප්ලාස්ටික් කොප්ප කිහිපයක් (ප්ලාස්ටික් කෝප්ප වල යට සිදුරු කිරීම අවශ්‍ය වේ.)

1

ඔබ ගත් හොදින් පියන වැසෙන ඍජිෆෝම් පෙට්ටියේ හෝ ප්ලාස්ටික් බදුනේ පියනේ ඉහතින් සදහන් කරන ලද ප්ලාස්ටික් කොප්ප රැදවීමට හැකි වන සේ අවශ්‍ය ප්‍ර‍මාණයට පරතරය තබාගෙන සිදුරු සකසා ගැනීම කළ යුතු වේ. ඒ සිදුරු වල කට වැසෙන සේ ඔබ විසින් අදාළ ප්ලාස්ටික් කෝප්පය ඒ තුළට දැමීම කළ යුතුය. පියනේ රදවා ඇති ප්ලාස්ටික් කෝප්ප වලට ඉන් අනතුරුව වැලි පුරවා ගැනීම සිදු කළ යුතු වේ.  ඉන් පසු අදාළ පෙට්යට හොදින් ජලය පුරවා ගැනීම කළ යුතු වේ. 

2

මේ ජලයට ඔබට  ඇල්බට් සොලියුෂන් වැනි පොහොර වර්ගයක් එකතු කර ගත හැක. (ජලය ලීටර් 5 කට ඇල්බට් සොලියුෂන් පොහොර ග්‍රැම් 10ක් එක් කළ යුතු වේ.) ඉන් අනතුරුව එම කොප්ප සහිත පියන හොදින් වැසෙන සේ සවි කළ යුතුය. එවිට මදුරුවන් බෝ වීම වැනි අවහපත් දේවල් සිදු වීමේ ඉඩකඩ අවම වේ.  ඔබට වෙලදපොලෙන් මිලදී ගන්නා කංකුන් මිටියකින් වුවත් වගා කිරීමට අවශ්‍ය කංකුන් ලබා ගත හැක. එහිදි කංකුන් වල කොළ ටික ඉවත් කොට එහි අගල් 3-4 උසැති දඩු පමණක් සිටවීම සදහා යොදා ගත යුතු වේ. මෙහිදි ඔබ විසින් සකස් කර ගන්නා ලද වැලි සහිත කොප්පය තුළ කංකුන් දඩු 2 ක් හෝ 3 ක් සිටවීම කළ හැක. 

3

සති 2 කට වතාවක්  ඔබ ජලයට ඉහත සදහක් කරන ලද පොහොර මුල්ම වතාවේ එකතු කරන ලද පොහොර ප්‍ර‍මාණය වඩා 1/3 වන සේ එක් කිරීම කළ යුතු වේ.  ඊට අමතර  අවශය තරම් ජලය එක් කිරීම අවශ්‍ය වේ. මේ ආකාරයෙන් ඔබ සකස් කර ගත් කංකුන් දඩු සහිත පෙට්ටිය හොදින් හුරු එළිය වැටෙන ස්ථානය තැබිය යුතු වේ.මේ ආකාරයෙන් වගා කර ගත් කංකුන් පැල ඔබට සති 3 -4 ඔබගේ ආහාරය සදහා යොදා ගැනීමේ හැකියාව ඇත. මෙහි ඵලදාව ගන්නා විට අගල් 3 පමණ දණ්ඩ සිටින සේ කොළ සියල්ලම කපා ගත යුතු වේ.  එවිට නැවත මේ කංකුන් දඩු දළු දැමීම සිදු වේ. 

4

5

6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *