Made In Sri Lanka

Made In Sri Lanka Updates

ගෙදරදීම පහසුවෙන් පිරිසිදු පොල්තෙල් හිදින්න පුළුවන් අපුරු ගෘහස්ථ තෙල් සිදින අත් යන්ත්‍ර‍

පොල් වාගේම පොල්තෙල් ගැන කතා කරන විට අද බොහෝ දෙනෙක් කතා කරන මාතෘකාවක් බවට මේ පොල්තෙල් පත් වී තිබෙනවා. ඊට හේතුව වන්නේ පොල්තෙල් වල පිරිසිදු බව, එහි ගුණාත්මක බව බිළිබද බොහෝ දෙනා කතා කරන්නට වුනා. මේ නිසා වෙළදපොලේ පොල්තෙල් මිලදී ගැනීමට බොහෝ දෙනෙකු මැලිකමක් දක්වන්නට වුනා. මේ නිසා බොහෝ දෙනෙකු පිරිසිදු පොල්තෙල් ගෙදරදීම හිදලා ගන්න පෙළඹුනා. සෞඛ්‍යාරක්ෂිත, පිරිසිදු ලෙස මේ ආකාරයෙන් පොල්තෙල් හිදින්න හැකි ආකාරයේ අපුරු දේයක් අපේ රටේ පුද්ගලයෙකු විසින් නිර්මාණය කරනු ලබනවා.

මේ කියන්නට යන්නේ කඩෙන් පොල්තෙල් බෝතලයක් මිලදී ගන්න ගානට ගෙදරදීම පොල්තෙල් හින්දව ගන්න පුළුවන් අපුරු මැෂින් එකක් ගැනයි. මේ උපකරණය ගැන කතා කරන විට මෙය රුපියල් 950/- වැනි මුදලකට පහසුවෙන් මිලදී ගෙන ගෙදරදීම පොල්තෙල් පහුසවෙන් හිද ගැනීමේ හැකියාව ඇත. අපි මේ කතා කරන මැෂින් එක නිර්මාණය කරනු ලබන්නේ ගල්කිරියාගම ප්‍රදේශයේ නව නිපැයුම්කරුවෙකු වන චන්දන සේනානායක මහතා වේ. ඔහුගේ මේ පොල්තෙල් හිදින මැෂිම අද වන විට පොල්තෙල් බෝතල් එකහමාරක් මිලදී ගනු ලබන මිලට ලබා ගැනීමට හැකි වීම සැබැවින්ම වාසියකි. ගෙදර ඉදන්ම පිරිසිදු පොල්තෙල් හිදලා ඒවා තමන්ගේ ආහාර සදහා එක් කර ගැනීමට අපි කවුරුත් කැමති.

1

ඒ සදහා මේ උපකරණය ඔබට සැබැවින්ම පහසුවක් වේවි.මෙය නම් කොට ඇත්තේ ගෘහස්ථ තෙල් සිදින අත් යන්ත්‍ර‍ය ලෙසයි. මේ මැෂින් එක මගින් මධ්‍යම ප්‍ර‍මාණයේ පොල්ගෙඩියක් භාවිතා කොට ඔබට මිලිලීටර් 90 වැනි පොල්තෙල් ප්‍ර‍මාණයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ නිසා ඔබට පොල් ගෙඩි 8 කින් පමණ පොල්තෙල් බෝතලයක් සිද ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් ලොකු පොල්ගෙඩි 6 පමණ පොල්තෙල් බෝතලයක් සිද ගැනීමේ හැකියාව ද ඇත.

2

මේ මැෂින් එක මගින් පොල්තෙල් හිදිම සිදු වන්නේ කෙසේද යන්න කියනවානම් හිරමනයකින් පොල් ගාගෙන ඒවා පැයක් හෝ පැය භාගයක් තහඩුවක් වැනි දේයක් උඩ අව්වේ වේලීම අවශ්‍ය වේ. එසේ වේලන ලද පොල් ටික අදාළ මැෂින් එකට දමා එහි ඉහළ ඇති කොටස කරකැවීම පමණක් සිදු කිරීම අවශ්‍ය වේ. සුළු වේලාවක් මේ අයුරින් මෙය කරකැවීම මගින් මෙහි ඇති පහළ කොටසින් පොල්තෙල් පැමිණිම සිදු වේ. මෙහිදි ඔබට දෛනික ආහාරට වේලට අවශ්‍ය පොල්තෙල් ගෙදරදීම පිරිසිදු ලෙස හිද ගැනීමේ අවස්ථාව ඇත.

3

(පොල් හිදින මේ අත් යන්ත්‍ර‍ මිලදී ගැනීමට අවශ්‍ය අයට පහතින් දුරකථන අංකය සදහන් කොට ඇත) ඔබගේ ගෙදර ඇති පොල් ගාන හිරමනයා හා සමාන සරල යන්ත්‍ර‍යක් ලෙස මෙය හැදින්වේ. පහසුවෙන් ඕනැම කෙනෙකුට ක්‍රියා කිරිමට හැකි වන සේ නිර්මාණය කොට ඇති අතර මෙය. යකඩ වලින් නිෂ්පාදිත එකක් වේ. ගෘහණියන් සදහා ඉතා වැදගත් නිර්මාණයක් වන මේය පහසුවෙන් ක්‍රියාකළ හැති යන්ත්‍ර‍ක් වාගේම තමන්ගේ පවුගේ අයට පිරිසිදු හොදම දේ දෙන්න කවුරුත් කැමති ඒ වාගේ අයට ගෙදරදීම පිරිසිදු පොල්තෙල් හිද ගන්නට ඔබත් මේ යන්ත්‍ර‍ මිලදි ගන්න.

පොල් හිදින මේ අත් යන්ත්‍ර‍ මිලදී ගැනීමට චන්දන මහතා – 071-2859568 076-1581822 071-8940171

4

5

6

7

8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *