Made In Sri Lanka

Made In Sri Lanka Updates

හිරු එළියෙන් ස්වාභාවිකව ම දිරාපත් වන ”ලන්ච් බෑගය”

2018 වසරෙ බීබීසි සිංහල ෆේස්බුක් පිටුවෙහි පල කරන ලද පුවත් අතරින් වඩාත් ජනප්‍රියතම පුවත වූයේ” පරිසරයට අහිතකර ලන්ච් ශීට් වෙනුවට , පරිසර හිතකාමී ‘ ලන්ච් බෑගයක් ‘ ක් නිර්මාණය කරන ලද තරුෂි විදුෂිකා රාජපක්ෂ නම් දාහත් හැවිරිදි දියණියගෙ කතා පුවතයි. 

රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයෙ ඉගෙනුම ලැබූ තරුෂි දියණියගේ පරිසර හිතකාමී ලන්ච් බෑගය ඇතුලුව නව නිර්මාණයන් දාහතක් පිළිබදව පුවත 2018 වසරෙදී මහත් ප්‍රසිද්ධියක් උසුලනු ලැබුවා. මිලියන ගණනක් නරඹා තිබුනු ඇයගෙ පුවත සහිත වීඩියෝවෙහි ඇයගෙ නිර්මාණය පිලිබදව පවසා තිබුනෙ මෙසේය. 

” පොලිතීන් යනු පරිසර දූෂණයට ඉවහල් වන අහිතකර ද්‍රව්‍යක් නිසා එයට විසදුමක් ලෙස එක්වරකට වඩා නැවත නැවත භාවිතයට ගත හැකි ලන්ච් බෑගය මා නිර්මාණය කරන ලද රෙදි වර්ගය හිරු එලියෙන් ස්වාභාවික ලෙසම දිරාපත් වේ ” යනුවෙනි. ඉංග්‍රීසි භාෂාව ඇතුලුව තවත් භාෂා රැසකට පරිවර්තනය කරමින් මෙම පුවත ලොව පුරා ප්‍රචලිත වුනා. 

කෙසේ නමුත් ඇය ආර්ථික දුෂ්කරතා වලින් පෙලෙන සිසුවියකි. ඇයගෙ මෙම අනගි දස්කම් , ඇයගෙ නව නිර්මාණයන් වලට රජයෙ අනුග්‍රහය නිසි ලෙස ලැබේ නම් ශ්‍රී ලංකාවට ලෝකය ඉදිරියෙ කීර්තියක් ලබා ගැනීමට එය ඉවහල් වනු ඇත. තරුෂි දියණිය පවසන අන්දමට ඇයගෙ මෙම පුවත සැලවීමත් සමග විවිධ පත්තර , මාධ්‍ය වාර්තා ආයතන , රාජ්‍ය ආයතන , ස්වේච්ඡා සංවිධාන , පරිසර සංවිධාන  ඇතුලු ආයතන සංවිධාන රැසක් ඇයට උපකාර කරමින් දස්කම් සදහා අතහිත දීමට පෙලඹී තිබේ. 

එහෙත් ඇයගෙ මව පවසන ආකාරයට බොහෝ දෙන තම නිවසට විත් ඡායාරූප ගෙන තොරතුරු ලබාගෙන පුවත් පල කලද කලකට පසු සියල්ල අමතකව යන බවයි. එහෙත් තරුෂි දියණිය පවසා සිටින්නෙ තමන්ට ආර්ථික වාසියක් නැතත් රටට හොද සේවයක් වාසියක් වේ තමාට එය වටින බවය. 

ඇය එකල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවව් තිබුණු ජාතික තිරසාර කතිකාවට සහභාගි වුන අතර තරුෂි දියණිය එහිදී විනාඩි හයක කතාවක් ඉදිරිපත් කළාය. ඉන්පසුව ඇයට ජනපති සමග කතිකාවතකට එක් වන්නට අවස්ථාවක් ලැබුන අතර පසුව ජනපති නියෝජිතයකු ඇගෙ නිවසට විත් තොරතුරු සහ ඡායාරූප ගත්තද තවමත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. 

තරුෂි දියණියගෙ මෙම ලන්ච් බෑග් මිලදී ගැනීමට ඉදිරිපත්ව ඇත්තෙ ඇගේ පාසලෙන් පමණි. එහිදී බෑග් 300ක් සදහා අත්තිකාරම් මුදලක් ඇයට ලැබී ඇත. ඊට අමතරව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන සමාගමක ඇණවුම් ලැබී ඇත. තවද ඇයගේ අධ්‍යාපන කටයුතු සදහා ශිෂ්‍යාධාරයක්ද ලැබී ඇත. 

කෙසේ නමුත් දහසකුත් බාධක මැද්දේ ඇයගෙ දහඅටවෙනි නිපැයුමද සිදු කර ඇත. එය නවීකරණය කරන ලද තේ දළු නෙලීමට පහසු බෑගයකි. 

මෙවැනි නව නිපයුම් වලට නිසි තැන ලබාදෙමින් අවශ්‍ය උපකාර , ප්‍රතිලාභ රජය මගින් නිසි ලෙස ලබාදෙන්නේ නම් මෙවැනි දරුවන් දහසක් නව නිපයුම් සදහා දිරිමත් කල හැකි වනු ඇත.

නෙත්මා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *