Made In Sri Lanka

Made In Sri Lanka Updates

ගෙවත්තේ ගස් සිටුවිමේ දි සිදුවන වාස්තු දෝෂ

මිනිසාට ජීවත් වීමට අත්‍යවශ්‍යම සාධක වන ඔක්සිජන්, ජලය හා ආහාර  සළකනු ලැබේ. අපට මේවා ලැබෙන්නේ අවට පරිසරයේ ඇති ගස් වැල් මගිනි. එම නිසාම මිනිසාගේ මෙන්ම සියලු සතුන්ගේම ජීවය බදු ගස් වැල් දේවත්වයෙන් ආරක්ෂා කරගැනීමේ යුතුකම අප සැවොම ඉටු කළ යුතුය. 

ගස්වැල් විනාශ නොකර අවශ්‍ය පෝෂණයන් ලබා දෙමින් රැක ගැනීම , රුක් රෝපණය කිරීම , විශේෂයෙන්ම ඖෂධ පැලෑටි රෝපණය මහත්පල මහානිසංස ගෙන දෙන කාර්යයකි. රුක් රෝපණයෙහි ඇති වැදගත්කම හේතුවෙන් අවුරුදු නැකැත් අතරට රුක් රෝපණ නැකත අලුතින් එක් කොට ඇත. එම නිසා සැවොම සෞභාග්‍යය උදා කරගැනීම සදහා ගස් වැල් රෝපණය කිරීම කල යුතුය. එහෙත් රුක් රෝපණය නිසි තැන නිසි පරිද්දෙන් කල යුතු අතර එසේ නොවුනහොත අසුබ ඵල ගෙනෙනෙ බවට වාස්තු විද්‍යානුකූලව සනාථ කොට ඇත. 

රුක් රෝපණයෙදි සැලකිය යුතු වාස්තු විද්‍යානුකූල කරුණු

උල්කටු සහිත ගස් , අතුපතර විහිදී වැඩෙන මහා රූස්ස ගස් , වේලි අතු කොල හැලෙන ගස් , ගෙඩි සෑදෙන ගස් , මල් පිපෙන ගස් ලෙස ගස් වර්ගයන් වර්ග කෙරෙන අතර ඒවා නිසි පරිදි රෝපණයෙන් ඉතා සුබ ඵල උදා කරගත හැක. 

• කටු සහිත ගස් වර්ග නිවෙස ඉදිරිපිට තිබීම ගෙදර දොර දබර රණ්ඩු සරුවල් ප්‍රශ්න කරදර ඇතිවනු ඇත. නිවස ඉදිරිපිට ඇති නිසා ශරීරයේ ඇනීම , විෂ සහිත ශරීරගත වීම සිදුවිය හැක. 

කටු සහිත ගස් වර්ග : පතොක්,බෝගන්විලා,රෝස,දෙහි,දොඩම්, අන්නාසි 

•  ‘වෘක්ෂ වේද දෝෂය ‘ ඇතිවන්නේ මහා විශාල රූස්ස ගස් නිවෙස ඉදිරිපිට රෝපණයෙන්‍ ය. මෙමගින් නිවෙස ඉතාමත් අදුරු පාලු මූසල ස්වාභාවයක් ඇති වේ. සිරියාව නැතිව යයි. සූර්‍යා ලෝකය නිසි ලෙස නොවැටෙන නිසා තෙතමනය බහුල වීමෙන් විෂබීජ පහසුවෙන් වැඩී සෞඛ්‍ය ගැටලු ඇති වේ. ‘සෙවනැලි දෝෂය ‘ රූස්ස ගස් වල සෙවනැල්ල නිවසට වැටීමෙන් ඇතිවේ. මෙයින් නිවැසියන් රෝගී වේ.ආර්ථික අපහසුතාවයන් ඇතිවේ. අදුරට අරක් ගන්නා අමනුෂ්‍ය ආත්මයන් පහසුවෙන් ආකර්ෂණය වේ. 

• තාල වර්ගයට අයත් ගස් ගෙමිදුලෙහි වැවීම සුබ නැත. මෙම ගස්වල ඇට්ටි ,ගෙඩි , අතු ආදිය වැටී පුද්ගලයින්ට තුවාල හානි සිදුවිය හැක. කෘමි උවදුරු , උරගයින් බෝවීම සිදුවෙයි. 

  • කොහොඹ , සදුන් වැනි ඖෂධීය ගස්වර්ග නිවසින් තරමක් දුරට වන්නට පිහිටුවීම යහපත්‍ ය. එම ගස් වලින් නිකුත් වන යහපත් කිරණයන් සුවදවත් සුළඟ , ඖෂධීය සෙවන නිවැසියන්ගෙ යහපත් සෞඛ්‍යයට මෙන්ම නිවසෙහි සිරියාවට බෙහෙවින්ම බලපායි. තවද මෙවැනි ඖෂධීය ශාකයන් සිටුවීම පිනකි. 
  • කොස් , ගස්ලබු ගස් ගෙමිදුලට සුදුසු නොවේ. රාත්‍රියට ඵල ආහාරයට ගන්නා සතුන් මගින් ගෙමිදුල අපවිත්‍ර වීම සිදු වේ.බෙලි , රඹුටන් ගස් ගෙයි පිටුපසින් සුදුසු වන අතර ජම්බු ගස් ගෙමිදුලෙහි තිබීම අයහපත් ය. ගැහැනු දරුවන් මුරණ්ඩු වීම සිදු වේ. 
  • ගෙමිදුල ඉතාමත් අලංකාර සහ සුවදවත් කරන සිටුවීමෙන් සුබ පල ගෙනෙන මල් වර්ග : දෑසමන්, කොබෝනීල, පිච්ච, කඩුපුල්, ඕකිඩ්
  • අරටුව විශාල වන අඹ , තේක්ක ,කොස් , දෙල් වැනි ගස් තම ඉඩම මායිමට නොවන ලෙස සිටුවීමට පරීක්ෂාකාරී වන්න. 

ගස් වර්ග සිටුවිය යුතු සුබ දිශාවන් පවතී. ඒ පිලිබදව දැන සිටීම අගනේය. 

  • නෙල්ලි – ඊසාන
  • සියඹලා – නිරිත
  • දෙළුම් – ගිනිකොණ
  • බෙලි – වයඹ
  • පුලිල – උතුර
  • නුග – නැඟෙනහිර
  • අත්තික්කා – දකුණ
  • ඇසතු – බටහිර

අඹ ඉඩමේ මැදට වන්නට සිටුවීම වඩාත් සුබ වෙයි.

රුක් රෝපණයෙ අනිශංස

එක් පැලයක් සිටුවීම පුතුන් දස දෙනෙකු ජනිත කිරීමට සමානය. මල් , පලතුරු , ඖෂධ පැලෑටි රෝපණය කොට සමාජයට දන් දෙන පුද්ගලයා මරණින් මතු සුගතියෙහි උපදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *