Made In Sri Lanka

Made In Sri Lanka Updates

පතොක් වර්ගයේ ශාකයක් පහසුවෙන් සිටවන්නේ මෙහෙමයි

වර්ථමානය වන විට මේ පතොක් ශාක වගා කිරීම, කුඩා පතොක් පැල කුඩා මල් පෝච්චි වල සිටවීම ආදිය අද වන විට බොහෝ දෙනෙකුගේ විනෝදාංශයක් වී තිබෙනවා සේම බොහෝ දෙනෙක් අමතර අදායමක් ලබා ගැනීමේ ක්‍ර‍මයක් ලෙසද මේ පතොක් වගාව සිදු කරනු ලබනවා. පතොක් වර්ගයේ ශාකයක් සිටවීමේදි එය ඕනැම කෙනෙකුට පහසුවෙන් සිදු කර ගත හැකි වේ. අඩු නඩත්තු කාලයකින් ඉක්මනින් පැල කර ගැනීමට හැකි වන නිසා මෙය පහසුවෙන් පැල කර ගැනීමේ හැකියාවද ඇත.

මුල්ම ඔබ මේ පතොක් වර්ගයේ ශාකයක් සිටවීමට පෙර ඒ සදහා යොදා ගන්නා භාජනය පිළබද දැනුවත් විය යුතු වේ. එහිදි ඔබට කුඩා පතොක් ශාකයක් සිටවන්නේ වන්නේ ප්‍ර‍මාණයෙන් කුඩා සහ උසින් අඩු සිමෙන්ති පෝච්චි, නැතිනම් ඔබට ප්ලාස්ටික් පෝච්චියක් වුවත් භාවිතා කළ හැක. ඔබ භාවිතා කරන කුමන  පෝච්චියක වුවත් අනිවාරයෙන්ම එහි වැඩි ජලය ඉවත් වීඹ සදහා  අඩියේ සිදුරක් තිබිය යුතු වේ.

පතොක් ශාකයක් පෝච්චියක සිටවීමට පෙර එයට භාවිතා කරන මාධ්‍ය පිළිබද සැලකිලිමත් විය යුතු වේ. මෙහිදි වැලි මිශ්‍ර‍ සැහැල්ලු පස් වර්ගයක් යොදා ගත යුතු වේ. එහිදි ඔබ වතුර රදා සිටින්නේ නැති  හොදින් වාතය ගමන් කරන පස් වර්ගයක් මේ සදහා යොදා ගත යුතු වේ.  මැටි සහිත පස් මේ සදහා සුදුසු නොවේ.

1

2

මේ පතොක් ශාකය සිටවීමට පෙර පස් මිශ්‍ර‍ණය සැදීමේදි ගංගා වැලි, කුඩා ගල් කැට, කොම්පොස්ට් යොදා ගත හැක. මේ සියල්ල හොදින් කලවම් කිරිමෙන් පසු  එවා අදාළ පෝච්චියට දැමිය යුතු වේ. ඔබ ගෙන එන ලද පතොක් ශාකයේ ඇති අදාළ පස් මිශ්‍ර‍ණය සමගම ඔබ සකසා ගත් පස් මිශ්‍ර‍ණය කුළ එය සිටවීම කළ යුතු වේ. ඉන්පසු ඔබ සදා ගත් පස් මිශ්‍ර‍ණය  එක් කළ යුතු වේ.

3

4

අලංකාරය සදහා තැබිය හැති මේ පතොක් ශාකය තවත් අලංකාර කිරීම සදහා ඔබ සකස් කරන ලද පෝච්චියේ පස් මිශ්‍ර‍ණය වැසෙන සේ විවිධ වර්ණ සහිත කුඩා ගල් කැට එක් කළ හැක.  මෙය  ජලය යෙදීමෙදි අවම වතුර ප්‍ර‍මාණයක් දැමීය යුතු වේ.  සතියකට සැරයක් හෝ සති 2 වරත් මෙම පැලයකට ජලය එක් කළ යුතු වේ.මේ ආකාරයෙන් ඔබට අලංකාරවක් විවිධ වර්ගයේ  පතොක් වර්ග සිටවා ගැනීමේ හැකියාව ඇත. උත්සහා කරලා බලන්න. ඔබගේ විසිතුරු පැල ගොනුවට පහසුවෙන් හිටවා ගන්නට හැකි මේ වාගේ පැලත් එකතු කර ගන්න.

මෙවැනි පැල ලබාගැනීමට අමතන්න 077 081 5325

5

6

7

8

9

10

11

12

13

14

15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *