Made In Sri Lanka

Made In Sri Lanka Updates

පන්තියේ අන්තිමයා වුනත් සන්නිවේදන විද්‍යාව පිළිබඳ පත්වූ ලංකාවේ ළාබාලම මහාචාර්යවරිය

අපි මේ කතා කරන ඇය කුඩා කාලයේ දී තමන්ට ඉගෙනීම් කටයුතු කරන්න බැ කියලා ඉගෙනීම් කටයුතු වලට එතරම් උනන්දුවක් නොදැක්වුව දියණියක් කිවහොත් කිවැරදි. සැබැවින්ම ඇය පාසල් වයසේ අදක්ෂ දැරියක් වුනා. ඉගෙනීමට ආස නොකළ ඇයව නිරන්තරයෙන් දිරිමත් කරන ලද්දේ ඇයගේ පියා විසින් වේ. ඉගෙනීම ප්‍රිය නොකළ ඇය පන්තියේ අන්තිමයා වුවත් ඇයගේ පියාගෙන් ලැබුනු ශක්තිය නිසා අද වන විට ඇය අපේ රටේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරනු ලබනවා. ඇයගේ විශේෂත්වය වන්නේ ඇය අපේ රටේ සන්නිවේදන විද්‍යාව පිළිබඳ පත්වූ ලංකාවේ ළාබාලම මහාචාර්යවරිය වීමයි.

ඇ පිළිබදවයි මේ දිගහැරුම. ඇය නමින් වාසනා මෛත්‍රී හේරත් මහත්මිය වේ. ඇය විශ්වවිද්‍යාල අවසාන විභාගයේ පළමු පන්තියේ සාමාර්ථයක් රැගෙන අද වන විට තාවකාලික කථිකාචාර්යවරියක් විදිහට සේවය කරනු ලබයි. අද වන විට ඇය ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වගේම මෙරට සන්නිවේදන විද්‍යාව පිළිබඳව ලංකාවේ ළාබාලතම මහාචාර්යවරියක් වනවා.

අපේ රටේ ජනසන්නිවේදනය පිළිබඳව මහාචාර්යවරුන් සුළු ප්‍ර‍මාණයක් සිටින අතර සන්නිවේදන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් එකතුවීම පිළිබද නිහතමානී ආඩම්භරයක් එතුමිය සතු වේ. එතුමිය පිළිබද වැඩි දුරටත් කතා කරන විට ඇය සමාන්‍ය පවුලක උපන් තැනැත්තියක් වු අතර දෙමාපියන්ට ලැබැනු සුළු වැටුපෙන් ඉගෙනීම් කටයුතු වලට වියදම් කරන ලද බවත් ඔවුන් විදින දුක දැකපු ඇය සාමාන්‍ය පෙළ විභාගයට සුදානම් වන කාලයේ මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන කියලා කල්පනා කරන අතර ඇය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඌව පළාතේ ඉතා විශිෂ්ට ලෙස ප්‍රතිඵල ලබා ගැනීමට සමත් වන අතර එයින් දිරිමත් වු ඇය උසස් පෙළ විභාගය සදහාද ඒ සාමාර්ථ 4ක් ලබා ගනිමින් විශිෂ්ඨ ලෙස සමත් වනවා.

1

මේ නිසා ඇය කලා විශයන් ඔස්සේ කැලණිය විශ්වවිද්‍යාලයට යැමට අවස්ථාවක් උදා වන අතර එහිදි නර්තන විශය හදාරන ඇය ජනසන්නිවේදනය විෂය කෙරෙහිද ඇල්මක් දක්වනු ලබනවා. මේ නිසාම ඇය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී රූපවාහිනි නිවේදිකාවක් ලෙසද කටයුතු කරනු ලබනවා. ජනසන්නිවේදන විෂයට ඇති කැමැත්ත නිසාම ඇයට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන විශේෂවේදී උපාධිය සඳහා ප්‍රථම පංතියේ ගෞරව සාමාර්ථයක් 2014 වසරේ දී හිමිකර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඉන්පසු ඇය කැලණිය විශ්වවිද්‍යාලයේම තාවකාලික කථිකාචාර්යවරියක ලෙස පත්වීම් ලබා ගන්නවා.

2

ඉන් අනතුරුව ඇය රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්වරියක් ලෙස පත්වීම් ලබා ගන්නා අතර නැවත ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ එහි ආරම්භක කථිකාචාර්වරියක ලෙසද කටයුතු කිරිමට අවස්ථාව උදා කර ගනු ලබනවා. 2006 වසරේ සිට ඇය අද වන තෙක් වසර 15 ඇය එම විශ්ව විද්‍යාලයේ සේවය කරනු ලබයි. ඇය විසින් අන්තර්ජාතික මට්ටමේ පර්ෙ‌ය්ෂණ ලිපි ගණනාවක් පළ කර ඇති අතර ඇ අතින් කෘති 13 පමණ රචනා වී ඇත. සන්නිවේදනය හා සන්නිවේදන කුසලතා න්‍යායාත්මක ප්‍රවේශ, මාධ්‍ය අධ්‍යාපනය පරිවර්තන සන්නිවේදනය, දෘශ්‍ය සාක්ෂරතාව හා සංවර්ධන සන්නිවේදනය ඇය අතින් ලියවුනු කෘති කිහිපයක් වේ.

3

සමාජයට ඇයගේ කතාවෙන් ගත හැකි ආදර්ශ බොහෝමයක් වේ. ඇයගේ එකම බලාපොරොත්තුව වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇයට කළ හැකි සියලු දෙම ඇය විසින් කිරීමයි. තමන්ගේ හිතේ තියන හීනය කාලයත් සමගම නැති වී යාමට ඉඩ නොදී හීනය යථාර්ථයක් කර ගැනීමට ඕනෑම කෙනෙතුට ශක්තිය ධෛර්ය තිබෙනවා අභියෝග ජයගත හැකි යන්නට ඇයගෙ මේ කතාව හොද උදාහරණයක් වේ.

4

5

6

7

8

9

10

11

12

13

14

15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *