Made In Sri Lanka

Made In Sri Lanka Updates

නිවසේ ඉඩකඩ ඇති තැනක පහසුවෙන් අර්තාපල් වවන්නේ මෙහෙමයි

අර්තාපල් නැතිනම් අල පරිභෝජනය අනිවාර්යෙන්ම  සැම ගෙදරකම සිදු කරනු ලබනවා. ඒ ආකාරයෙන් පරිභෝජනය සදහා ගන්නා අල බොහෝ විට වෙළදපොලෙන් මිලදී ගන්නා හැරෙන්න කවුරුත් අල තමන්ගේ ගෙවත්තේ සිටවන්න උත්සහා ගන්නේ නැ. නමුත් ඔබට පහසුවෙන් ඔබගේ ආහාර වේල සදහා අවශ්‍ය අල ගෙදරදීම වගා කරන්නට හැකි වේ.ඔබට මේ අල වගාව බදුන් ගත කොට ගෙවත්තේ ඉඩ ඇති ස්ථානය තැබිය හැක.  ඔබට මේ සදහා වෙළදපොලෙන් ලබා ගන්නා අල භාවිතා කළ හැක.  මෙහිදි ඔබට අවශ්‍ය වන්නේ කුඩාවට මොටයියන් පැමිණ ඇති අල ගෙඩි මේ ආකාරයෙන් වගා කිරිම සදහා යොදා ගත යුතුය.

මුලින්ම ඔබ අල ගෙඩියේ සැම තැනකින්ම මොටයියන් ඇතිනම් ඔබට එම අල කොටස් දෙකකට මොටයියන් සිටින සේ  වෙන් කර ගත හැක. මෙලෙස කපා ගත් මොටයියන් සහිත අල දින 3 පමණ මෙහි තෙත ගතිය අයින් වල තෙක් තැබිය යුතු වේ.මේ ආකාරයෙන් දින 3 පමණ තිබු මොටයියන් සහිග අර්තාපල් කැබලි සිටවීම කළ යුතුය. මේ සිටවීම කිරීමට ඔබට අඩියක් හෝ අඩි එක හමාරක් පමණ උස ඇති බදුනක් යොදා ගන්නේ නම් වඩාත් සුදුසු වේ. අනිවාර්යෙන්ම ඔබ ගන්නා බදුනේ යට සිදුරු කිරීම සිදු කළ යුතුය.

1

මේ අර්තාපල් සිටවීම සදහා යොදා ගන්නා පස් මිශ්‍රණය ගැන කතා කරන විට මේ සදහා අල හොදින් බැසිම සදහා ඔබට සැහැල්ලු කොම්පොස්ට් මිශ්‍ර පසක් යොදා ගත හැක. මෙහිදි අර්තාපල් හොදින් වැඩීම සදහා අම්ලික පසක් අවශ්‍ය වුවත් ගෙදරදී ඔබට අම්ලික පසත් සොයා ගත නොහැකි නිසා අර්තාපල් වලට වතුර දමන අවස්ථාවේදි එම වතුර ලීටර් 4 කට විනාකිරි කොප්පයක් යොදා අදාළ වගාවට යොදනු ලබනවා.

2

ඔබට ඉහත සදහන් කරන ලද පස් මිශ්‍ර‍ය සහිත බදුනේ අගල් 1 ක් තරම් පහලට අගල් 6 පරතරය ඇතිව කාණු සදා ගත යුතු වේ. (ඔබ ගන්නා භාජනය අනුව අදාල පරතරයන් සහ කාණු වල ප්‍ර‍මාණයන් වෙනස් වේ.) මේ ආකාරයෙන්  ඉහලදී කපා ගත් අර්තාපල්  කැබලි වල මොටයියන් ඉහළට සිටින සේ අදාළ කාණුවේ අර්තාපල් කැබලි සිටවිය යුතු වේ.  එසේ සිටවන ලද අර්තාපල් කැබලි වලට උඩින් නැවත සැහැල්ලු පස් ස්වල්පයක් දමා වසා ගත යුතු වේ.

3

මේ ආකාරයෙන් සිටවාගත් අල සදහා ඔබට සතියකට දෙපාරක් පමණ ජලය යෙදීම කළ යුතු වේ.  දින 120 අතර කාලයක් මේ ආකාරයෙන් සිටවා ගත් අර්තාපල් වලින් ඔබට අල ලබා ගැනීමට හැකි වේ.  එහිදි ඔබට අල හොදින් බැහැලා තියෙනවාද කියලා බලා ගන්න පහසු ක්‍ර‍මය වන්නේ අර්තාපල් පැලයේ මල් පිපි පරවු විට ඔබට එය දැන ගත හැකි වේ.මේ ක්‍ර‍මයට ඔබට පහසුවෙන් ගෙදරදී වෙළදපොලෙන් ගෙන එන අර්තාපල් ගෙලදරදීම සිටවන්නට හැකියාව තිබෙනවා. උත්සහා කරලා බලන්න මේ දින වල ඔබ නිවසට වෙලා වගා කටයුතු වල නියැලිලා ඉන්නවනම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *