Made In Sri Lanka

Made In Sri Lanka Updates

නිල ඇඳුමට තිබුන ආසාව නිසා අමෙරිකානු හමුදාවට එක් වු අපේ රටේ දිරිය තරුණයා

බොහෝ තරුණයන්ගේ හීනයක් තමයි විරෝධාර ඍනවිරුවෙකු වී අපගේ මව්බිම, අපේ රටේ ජනතාවට සේවය කිරීම. නමුත් මේ අවස්ථාව හැම කෙනෙකුටම හිමි වන්නේ නැ. මේ ආකාරයෙන් හමුදා නිලධාරියෙකු ලෙස සේවය කිරීම සදහා සපුරා ගත යුතු සුදුසුකම් රාශියක් තිබෙනවා. ඒ අදාළ සුදුසුකම් සපුරා ඇති ඕනෑඹ තරුණයෙකුට වාගේම තරුණියකට හමුදා නිලධාරියෙකු ලෙස සේවයට බැදීමේ අවස්ථෘව තිබෙනවා.

අපි මේ කියන්න හදන තරුණයා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවයට බැදීම සදහා දෙපාරක්ම උත්සහ කරනු ලැබනවා ඒ වයස අවුරුදු 18 දී වේ. කැඩෙට් නිලධාරියෙක් විදියට හමුදාවට බැඳෙන්න තමයි උත්සහා ගන්නේ එහිදි ඔහු පළමු අවස්ථාවේදි මූලික ශාරීරික යෝග්යතාවය සමත් නොවන්නේ අදාළ බර සහ පපුව නොතිබූ නිසා වේ. මොහු දෙවන අවස්ථාවේදීත් නිල ඇඳුමට තිබුන ආසාව නිසාම යුධ හමුදා සේවයට බැදීම සදහා උත්සහා ගනු ලබනවා.

නමුත් ඒ අවස්ථාවේදීද ඔහු ප්‍ර‍තික්ෂේප වෙනවා. එම අවස්ථා දෙකෙදීම අසමත් වන මොහු කනස්සුලු වුවත් ඔහු ඔහුගේ සිහිනය අතහැර ගන්නේ නැ. මොහු නමින් අනුජ් පුජිත ගුණවර්ධන වේ. මොහු තුන්වන වරටත් රහ ස් පොලිස් සේවයට බැඳෙන්න අයදුම්පත් යොමු කරනු ලබන අතර එහිදීද මොහුව ප්‍ර‍තික්ෂේප වන්නේ සම්මුඛ පරීක්ෂණයක් පවා නොපවත්වා අදාළ තනතුරට බඳවා නොගන්නා බවට ලිපියක් මගින් දැනුම් දීමෙනි.

1

මොහු දිගින් දිගටම උත්සහා කරනු ලැබුවත් මොහු ප්‍ර‍තික්ෂේප වීම නිසා ආරක්ෂක අංශයේ රැකියා සදහා ඉල්ලුම් කිරීම මොහු විසින් නතර කරන අතර නමුත් මොහු දිගින් දිගට නිළ ඇඳුමට ආදර ගෞරව දක්වනු ලැබුවා. මොහුගේ හීනයට තවදුරටත් ආදරය කරනු ලබුවා. මෙවැනි අවස්ථාවකදී ඔහුට ඇමරිකා එක්සත් ජනපදයට යැමට අවස්ථාවක් උදා වන අතර එහි වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කරන ඔහුට ඔහුගේ අධ්‍යාපන කටයුතු කරන පාසලට හදිසියේ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පිරිසක් බදවා ගැනීම් සඳහා පාසලට පැමිණ අතර එහිදි ඔවුන් හා කතා බහකදී එක් නිලධාරියෙකු ඔහුගෙන් හමුදාවට එකතු වන්නට කැමති යන්නද අසනවා.

2

ඔහු එම අවස්ථාවේදි දෙපාරක් නොසිතා කැමැත්ත ප්‍ර‍කාශ කරන අතර ඔහුගේ හීනය සැබැ කර ගන්නට එය හොද අවස්ථාවක් වනවා. මෙහිදි ඔහු හමුදාවේ ලිඛිත පරීක්ෂණය මෙන්ම ශාරීරික යෝග්යතා පරීක්ෂණයෙන්ද සමත් වනවා. මේ ආකාරයෙන් දිගු ගමනක් ප්‍ර‍තිථලයක් ලෙස තමන්ගේ සිහිනය සැබැ කර ගන්නා අනුජ් පුජිත ගුණවර්ධන තරුණයා අද ඇමරිකානු හමුදාවට අනියුක්තව සේවය කරනු ලබන නිලධාරියෙකු වේ.

3

මොහු අද ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ අධිතාක්ෂණික හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කරුවෙක් ලෙස සේවයේ නියුතු වනවා. ප්‍ර‍තික්ෂේප වීම් වලින් ජිවිතයට හයියක් කරගෙන තමන්ගේ හීන සැබැ කර ගන්න උත්සහා කරන්නේ නම් දිනයක අනිවාර්යෙන්ම ජයග්‍ර‍ණය කළ හැකි බවට මොහුගේ කතාවෙන් අපි හැමෝටම ආදර්ශක් ලබා ගත හැක.

4

5

6

7

8

9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *