Made In Sri Lanka

Made In Sri Lanka Updates

දහයියා මෙන්ම මිනිරන් භාවිතා කරමින් නැවත නැවත අරෝපණය කළ හැකි බැටරියක්

දහයියා කියන්නේ අපි හදුන්වන්නේ ධාන්‍ය ඉවත් වන පොත්තයි. පොහොර නිෂ්පාදනයේදි බහුලව භාවිතා කරනු ලබන ද්‍ර‍ව්‍යයක් ලෙස මේ දහයියා හදුන්වනවා. ඒ වාගේම මිනිරන් කියන්නේ තාපය හා විදුලිය පිළිබඳ හොඳ සන්නායකය වාගේම බහුලව අප භාවිතා කරනු ලබන පැන්සල් සදහා යොදා ගනු ලබනවවා. අපි මේ කතා කරන දහයියා සහ මිනිරන් යොදා ගනිමින් පසුගිය වසරේ අපේ රටේ ප්‍ර‍ධාන විශ්ව විද්‍යාලයක් වන ඌව වෙල්ලස්ස විශ්ව විද්යලයේ විද්යා සහ තාක්ෂන අංශයේ දක්ෂ විද්‍යාර්ථයින් විසින් අපුරු වැඩක් සිදු කරනු ලබනවා. ඒ බැටරියක් නිපදවීමයි.

බැටරියක් කියන්නේ රසායනික ප්රතික්රියාවෙන් විදුලිය නිෂ්පාදනය කරන උපකරණයක් වනවා. මෙහිදි රසායනික ද්රව්ය පමණක් යොදා ගෙන විදුලිය බවට පරිවර්තනය කළ හැකි ක්‍රියාවලියක් මේ බැටරිය තුළ සිදු වනවා. මේ ආකාරයෙන් බැටරියක් නිපදවීමේ නව අත්හදා බැලීමක් සාර්ථක සිදු කරන්නට අපේ රටේ විද්‍යාර්ථයන් පිරිසක් සමත් වනවා. මෙය නව නිර්මාණයක් කිවහොත් නිවැරදි. ඔවුන්ගේ නව නිර්මාණය වනුයේ අපේ රටේ ප්‍ර‍ථම වතාවට දහයියා සහ ධමනි ආකාර ස්ඵටික මෙන්ම මිනිරන් යොදාගෙන බැටරියක් නිර්මාණය කිරීමයි. මෙම බැටරිය ඔවුන් විසින් සාර්ථකව අත්හදා බැලීම් වලට ලක්කොට ඇත.

ඔවුන් විසින් නිර්මාණය කරන ලද මෙම නව බැටරිය සතු විශේෂම කරුණ වනනේ මෙය නැවත නැවත ආරෝපණය කිරීමට හැකි වීමයි. මේ නිසාම ඔවුන් පවසන ආකාරයට මෙම බැටරිය Lithium ion rechargeable battery වර්ගයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඇත. විද්‍යාර්ථයන්ගේ මේ සාර්ථක කටයුත්ත සදහා ඔවුන් හට ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ විද්යා සහ තාක්ෂණය අංශයේ ආචාර්යවරුන්ගේ නොමද සහයක් හිමි වු බව ද කිව යුතුමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *