Made In Sri Lanka

Made In Sri Lanka Updates

ඔබේ නිවස ඇතුළටත් එළිමහනටත් අමුතු සිරියාවක් ගෙන එන්නට හැකි විසිතුරු ශාක වර්ග

ගෙවත්තේ අලංකාරය ගැන සිතන ඔබ නිවසේ ඇතුලේ අලංකාරය සදහාත් විවිධ වු මල් පැල වර්ග, විසිතුරු පැල වර්ග තැබීම සිදු කරනු ලබනවා. වර්ථමානය වන විට මෙය විලාසිතාවක් බවට පත් වී තිබෙනවා. හරිත පරිසරයකට ප්‍රිය කරන බොහෝ දෙනෙකු තමන්ගේ නිවස ඇතුලේ වාගේම ආලින්දයක් සහිත පරිසයක විවිධ ආකාරයේ පැල තබාගෙන සිටින්නේ ඔවුනගේ ඇසට වාගේම සිතටත් එය සහනයක් වන නිසා වේ. වර්තමානයේ මිනිසුන් සොබාදහම නිවස තුලට ගෙන ඒමට වැඩි අවධානය යොමු කර ඇති නිසා අලංකාරයෙන් යුතු ඔබගේ නිවස හැඩ කරනන්නට හැකි අලංකාර පැල වර්ග තිබෙනවා.

අපිට හිතුන හිතුන පැල වර්ග නිවසේ ඇතුලේ තැබිමේ හැකියාවක් නැ. මෙහිදි ඔබ කාලයත් සමඟ ඔබේ ගෘහයට ගුණාත්මක බවක් ලබා දෙන වාගේම ගෘහස්ථව වැඩෙන ශාක පිළිබදව දැනුවත් වීය යුතුයි. ඔබ ගෘහස්ථව වගා කරන ශාකවලට නිරන්තර හිරු එළිය හා ජලය අවශ්‍ය වන්නේ නැ. ඊට හේතුව වන්නේ එම ශාක වලට ජලය ගබඩා කර ගැනීමේ හැකියාව පවතින නිසා වේ. නිවස ඇතුලේ තබන්නට හැකි පැල වර්ග තෝරා ගැනීමේදි ඔබට පහත ඡායාරූප වල දකින්නට ලැබෙන පැල වර්ග යොදා ගැනීමේ හැකියාව ඇත.

එහිදි ශාකයේ හැඩය, ප්‍රමාණය පාලනය කිරීම සඳහා කප්පාදු කිරීමට හැකි, කාලයක් සඳහා තෙතමනය රඳවා තබා ගන්න හැකි, අඩු ආලෝක තත්ත්වයන් යටතේ වර්ධනය වෙන ආදී වශයෙන් කරුණු ඔස්සේ ඔබට විවිධ වර්ගයේ පැල වර්ග මේ ආකාරයෙන් ඔබගේ ගෘහස්ථ අලංකරණය සදහා යොදා ගත හැක. ඔබට පහසුවෙන් සොයා ගත හැකි එවැනි පැල වර්ග කිහිපයත් ඔබගේ හදුනා ගැනීම පහසු කිරීම වෙනුවෙන් පහත ඡායාරුප පෙළින් ඔබ වෙත ගෙන එනු ලබයි.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *