Made In Sri Lanka

Made In Sri Lanka Updates

පානීය ජල බෝතලයෙන් අංක එකේ සිටින ආසියාවේ ධනවතා

පුංචි තැනේ ඉඳන් ඉහලට ගියපු මිනිස්සු ගැන අද බොහෝ දෙනෙක් කතා වෙනවා.ජීවිතයේ අනේක විධ දුක් විඳලා  ජීවිතය සාර්ථක කර ගෙන ලොව ධනවතුන් අතර ඉහළින් වැජඹෙන චරිතයක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ.

Zhong Shanshan

මෑත කාලයක් වෙනකම් දකුණු ආසියාවේ  පොහොසත්ම පුද්ගලයා ලෙස නම් කරේ මුකේශ් අම්බානි නැමැති පුද්ගලයා .නමුත් 2020 අවසාන වන විට  එලෙස පෙළගැස්වූ නාමාවලියේ යම්කිසි වෙනසක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙතෙක් ආසියාවේ ධනවත් පුද්ගලයන් ලෙස වැජඹුනු මුකේශ් අම්බානි වෙනුවට චිනයේ මහා  පරිමාණ ව්‍යසායකයෙන් වන චොං ෂෙන්ෂෙන් නම් කරනවා.

කවුද මේ චොං ෂෙන්ෂෙන්?

Zhong Shanshan

චොං ෂෙන්ෂෙන් නැමැති මේ පුද්ගලයා  1954 වර්ෂයේදී චිනයේ ෂෙජියැන්හි හැංෂෝ නගරයේ උපත ලබනවා. චීනය පැවති සංස්කෘතික විප්ලවය අර්බුද හමුවේ නිරන්තරයෙන් ම පීඩාවට පත්වන මේ පුද්ගලයා වයස අවුරුදු 12 දී පාසල හැර යනවා. ඊට පස්සේ චොං කියන මේ පුද්ගලයාට සිද්ධ වෙනවා තමන්ගේ මව සහ පියා රැකගන්න රැකියාවකට පිටත් වෙන්න.ඉතින් වයස අවුරුදු 12 ක් වැනි පුංචි වයසකදී ඔහු රැකියාවක් සොයා පිටත් වෙනවා .

ඔහුගේ අතීත තොරතුරු පිළිබඳ විමසන විට ඔහු විවිධාකාරයේ රැකියාවන්වල නිරත වෙලා තියෙනවා.ඉතින් මුලින්ම කුලී කාරයෙක් ලෙස වැඩ කර මුදල් ඉපයූ මෙම පුද්ගලයා පසුව ඉදිකිරීම් සිදු කල ආයතනයක අත්උදව් කරුවකු ලෙස වැඩ කරලා තියෙනවා.

ඊටත් ටික කාලෙකට පස්සෙ පුවත්පත් සමාගමක් සමග එකතුවෙලා පුවත්පත් වාර්තා කාරයෙක් ලෙසත් ඔහු සේවය කරලා තියෙනවා. ටික කාලෙකින් විවිධ බාධක හමුවේ එම රැකියාවට සමු දෙන මේ පුද්ගලයා ඊට පස්සේ විවිධ ආහාර පාන වර්ග බෙදාහරින  සමාගමක බෙදාහරින  සේවකයෙක් ලෙස සේවය කර තිබෙනවා.එම රැකියාව තුළින් ඉහළට යාමට සමත් කමක් දක්වන මේ පුද්ගලයාට හැකියාව ලැබෙනවා බෙදාහැරීමේ ශාඛාවක ප්‍රධානියා වෙන්නත්.ඒ කෙසේ වෙතත් අනුන් යටතේ සේවය කරමින් තමන්ට දියුණුවක් ලබා ගැනීමට නො හැකි බව සිතූ මේ පුද්ගලයා අමුතු චින්තනයකින් ජීවිතය දිහා බලන්න පටන් ගන්නවා.

මුකේශ්-අම්බානි-නිෂ්පාදනය

ඔහුගේ ජීවිතයෙර් හැරවුම් ලක්ෂය 

ඉතින්  මේ පුද්ගලයා තීරණය කරනවා වර්ෂ  1996 සැප්තැම්බර් මස 26 වැනි දා  නොංෆු නැමැති නමින් සමාගමක් ස්ථාපිත කරන්න.චීනයේ ෂෙජියෑන්හි හැංෂෝ නගරයේ ආරම්භ කල මේ සමාගම සමගම පානීය ජල බෝතල් බෙදාහැරීමේ සමාගමක් ලෙස ප්‍රසිද්ධියට පත් විය. චීනයේ ප්‍රසිද්ධ වැවක් වන ෂෙජියෑන්හි පිහිටා ඇති චියන්ද්‍රව් නැමැති මේ විලෙන් ඒ සඳහා අවශ්‍ය පිරිසුදු ජලය ලබා ගත් බව සඳහන් වේ.

ඉන් පසුව  වර්ෂ 1997 දී මෙම ව්‍යාපාරයේ ප්‍රථම නිෂ්පාදනය බෙදා හැරීමට කටයුතු කළ බව සඳහන් වෙනවා. මෙලෙස පටන් ගත්තු ව්‍යාපාරය 2001 වර්ෂය දක්වා සාර්ථක ලෙස දියුණු වෙමින් ආ ගමන් මගේ තවත් සුවිශේෂී හැරවුම් ලක්ෂයකට  චොං නැමැති පුද්ගලයාට ළඟාවෙන්න හැකිවෙනවා .

ඒ කියන්නේ මේ පුද්ගලයාට හැකිවෙනවා 2001  වර්ෂයේදී මේ සමාගම ඒකාබද්ධ සමාගමක් බවට පත් කර පානීය ජලය පමණක් නොව විවිධ බීම වර්ග ද බෙදාහරින්න. ඉතින් ඕනෙම වෙළඳ  භාණ්ඩයකට අලෙවි සන්නාම නාමයක් තියෙනවා වගේ  චොංගේ නිෂ්පාදන වල තේමා පාඨය වුණේ  “A little bit Sweet ” හෙවත් “ටිකක් රසයි ” යන්නයි. ඔහුගේ ව්‍යාපාරය දිනෙන් දිනම කොතරම් දියුණු වුණා ද කිව්වොත් මේ කාල සීමාව  වෙද්දි පානීය ජලය බෝතල් කර බෙදාහරින දැවැන්තම නිෂ්පාදකයා බවට පත් වන්න මේ පුද්ගලයාට හැකියාව ලැබුණා.

පැමිණි බාධා

ඕනම පුද්ගලයෙක් දියුණු වෙද්දී විවිධාකාරයේ වි බාධාවන්ට මුහුණ දෙනවා.ඉතින් ඒ වගේම තමයි නොංෆු  සමාගමත්  විවිධාකාරය බාධාවන්ට මුහුණ දීලා තියෙනවා.

ඒ අතරින් ඔවුන්ට එල්ල වන ප්‍රබල ම බලපෑම තමයි  බීජිං ටයිම්ස් පුවත්පත. මොවුන් ප්‍රමිතියෙන් තොර ජල බෝතල් වෙළඳපලට මුදා හරින බව පැවසුවා.ඉතින් මේක ඔප්පු කිරිම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්න මෙතුමා මිලියන දහයකට අධික මුදලක්  වන්දි ලෙස ඉල්ලමින් අපහාස නඩුවක් මේ පුවත්පතට විරුද්ධව දානවා. ඉතිං ඒ කෙසේ වෙතත් මෙවැනි කාරණා මගින් මොහුගේ ගමන නම්  කිසිවෙකුට නවත්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉන් නොනවතින මොහු 2016 වසරේ දී ඖෂධ නිෂ්පාදන අංශය වෙත තමන්ගේ හිත  කරන්නෙත් සෞඛ්‍ය සේවයට අවශ්‍ය නිෂ්පාදන නිපදවන ආයතනයක් ස්ථාපිත කිරීමෙන්.

ඔහුගේ සේවය 

සියලුම දෙනාට ආදර්ශයක් සපයමින් තම ජීවිතය සාර්ථක කර ගත් මේ පුද්ගලයා අන් අයට උදව් උපකාර කිරීමටත් අමතක කරන්නේ නැහැ ඔහු විසින් ,

  • කෘෂිකර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය උදව් උපකාර ලබා දීම.
  • සමාජ සුභ සාධන කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ලබාදීම .
  • ස්වාභාවික ආපදාවන් සිදුවන කාල වකවානුවන් වල දී ජනතාවට පිහිට වීම 
  • නව ව්‍යසායකයන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම 
  • තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවක් ලබා දීම 

ආදී විශාල මෙහෙයක් ඔහු මේ වන විට සිදු කර තිබේ .වයස අවුරුදු 12 දි පාසල හැර ගිය මේ පුද්ගලයා අද වන විට ලෝකයේ සිටින මහා ධනවතුන් පන්සිය දෙනා අතරින් එකොළොස් වැනි ස්ථානය හිමි කරගෙන සිටී.

M.ශෂිකලා මධුෂානි
B.A in communication studies

Leave a Reply

Your email address will not be published. Required fields are marked *