Made In Sri Lanka

Made In Sri Lanka Updates

කුකීස් ව්‍යාපාරයෙන් ජීවිතය ජයගත් විශේෂ අවශ්‍යතා සහිත ඇය

තමන්ගෙ ආබාධිත තත්වය නිසාම තම පවුලේ බල ගැන්වීම සහ ශක්තිමත් කිරීම් මැද තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගත්තු අපුරු දැරියක් පිළිබඳවයි අද අපි ඔබට මේ ලිපියෙන් කියන්න යන්නේ.උපතින්ම Down Syndrome  තත්ත්වයෙන් ආබාධිත දැරියක් ලෙස උපත ලැබූ කොලට් අවුරුදු විසි හතක  රූමත් තරුණියක්.

ඉතින් ඇගේ ප්‍රධාන විනෝදාංශය වුණේ කුකීස් නිෂ්පාදනය කිරීමයි.ඉතින් මේ දැරියට තමන්ගෙ පවුලෙන් ලැබෙන්නේ අප්‍රමාණ වූ ආදරයක් සහ සහයෝගයක්. කොලට්ගෙ පවුලේ සියලුම දෙනා  නිරන්තරයෙන්ම  ඇයව දිරිමත් කළා .තමන්ගේ දරුවා උපතින් ආබාධිත පුද්ගලයකු ලෙස හැඳින්වුවත් ඇගේ දෙමව්පියන් නම් ඇය ආබාධිත පුද්ගලයෙක් ලෙස කිසි දිනක  හංවඩු ගැහුවෙ නැහැ. ඔවුන්ගේ මේ  ආදරණීය දියණියට අධ්‍යාපනය ලබාදීමට  නොයෙක් උත්සාහයන් දැරුවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් කොලට්ට හැකියාවක් ලැබෙනවා ක්ලෙම්සම් විශ්ව විද්‍යාලයෙන්  LIFE  පාඨමාලාවක් හදාරන්න .අවුරුදු තුනක් පුරාවටම පාඨමාලාව හොඳින් හදාරන ඇය තමන්ගේ ඉගෙනීම නිමා කරනවා.ඉන්පසු විවිධ ආයතන වල සේවය කිරීමට ඇය රැකියා ඉල්ලුම්පත්‍ර දානවා.ඉතින් විවිධ ආයතන වලින් ඇයට සම්මුඛ පරීක්ෂණ ලබා දුන්නත් ඒ කිසිම ආයතනයකින් ඇයට රැකියාවක් කිරීමට නම් ඉඩක් ලබා දෙන්නේ නැහැ. එයට ප්‍රධානම හේතුව තමයි ඇය ආබාධිත දැරියක් වීම.

විවිධ ආයතන මගින් ඇයව ප්‍රතික්ෂේප කළත් ඇගේ දෙමව්පියන් සහ නෑදෑ හිත මිතුරන්ගේ ධෛර්යමත් කිරීම මත කොලට් තමන්ගෙ ජීවිතය සාර්ථක කරගන්න  පුළුවන් වටිනා මාර්ගයක් තෝරා ගන්නවා. ඇය පටන් ගන්නවා  ඇගේ විනෝදාංශය එහෙමත් නැත්නම් කුකීස් සෑදීම ආරම්භ කරන්න.

ඉතින් ඇය වඩාත් කැමති කුකීස් පිළියෙල කිරීමේ  කාර්ය සඳහා ඇගේ පවුලේ සියලු දෙනා ම ඇයට  ශක්තිය සහ ධෛර්යය දුන්නා. ඇය මේ කුකීස් නිශ්පාදනය කලේ හුදෙක් ආදායම උදෙසා නොවේ.ඇයට අවශ්‍ය වුණේ ඇගේ විනෝදාංශය දිගටම කරගෙන යන්න .නමුත් හැමදාම ඉතුරුවෙන කුකිස් වලට කරන්න දෙයක් නැති නිසා තමා ඇය වෙළෙඳ පොළට මේ කුකීස් අලෙවි කිරීමට පටන් ගත්තේ.ඇය Amazing Cookies සහ Healthy Breakfast Cookies  යනුවෙන් තමන්ගේ නිෂ්පාදන හැඳින්වූවා.

ටික කාලයක් යනකොට ඇයට හැකි වෙනවා වෙළඳපොළ තුළ තමන්ගෙ කුකීස් වලට ඉහළ ඉල්ලුමක් නිර්මාණය කරන්න.ගැනුම්කරුවන් මේ වන විට ඇය කවුද කියලවත් දන්නෙ නැහැ.නමුත් ඇගේ cookies වල රස නිසාම  බොහෝ ගැනුම් කරුවන් තුළ  මේ කුකීස්වලට ඉහළ ඉල්ලුමක් තිබ්බා.

එහෙත් කොලට්ගේ  අවශ්‍යතාවය උනේ තමන්ගෙ කුකීස් ජනප්‍රිය කරගන්න නෙවෙයි. ඇයට අවශ්‍ය වුනා  තමන් වගේම  ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙන සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටින්න.එම නිසාම ඇය තම වෙබ් අඩවියේ “අපි ඉන්නේ කුකීස් සෑදීම සඳහා පමණක් නොවෙයි ආබාධිත අයට රැකියාවන් සැපයීමටත් අපි සූදානම් “

යනුවෙන් ඇය සඳහන් කරකරනව.  ඉන්පසු boston ගුවන් විදුලිය මගින්  පවත්වනු ලබන වැඩසටහනකට සම්බන්ධ වන ඇය පවසනවා හරි අපූරු කතාවක්. ඇය කියනවා විවිධ ආයතන වලින් ප්‍රතික්ෂේප කරපු ආබාධිතයන් වෙනුවෙන් ඇය සතුව වටිනා රැකියාවක් තියෙනවා කියලා . ඉන් පසු ඇය වටා විශාල පිරිසක් එක් රැස් වන අතර  එයින් විශාල පිරිසකට රැකියා අවස්ථාවන් ලබාදීමට ඇය තීරණය කරනවා .

මේ උතුම් ක්‍රියාව නිසා ම ඇය වටා මිලියන සංඛ්‍යාත ජනතාවක් එක් රැස් වන අතර ඇයට දෛනිකව ලැබුණු ඇනවුම් සංඛ්‍යාව 16000 ඉක්මවූවා.ඇගේ ව්‍යාපාරය සාර්ථකව දියුණු වන අතර තුර විවිධ ආයතන ඇයට වෘත්තිය නිපුණතා පුහුණුව ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කළා 

සියලු ආයතන වලින් තමාව ප්‍රතික්ෂේප කළත් වර්තමානය වන විට බොස්ටන් විශ්ව විද්‍යාලය කැනේඩියානු විශ්වවිද්‍යාලය ආදී විශ්වවිද්‍යාල මගින් ඇගේ චරිතයේ සුවිශේෂී තාවයන් ඉස්මතු කරමින්  ආබාධිත දියණියක් ලෙස ඇය ජීවිතය දිනා ගත් ආකාරය පිළිබඳව සියලු දෙනාම දැනුවත් කළා .

ආබාධිතයන් රැසකට තම ව්‍යාපාරයේ රැකියා අවස්ථා ලබා දුන්  ධෛර්යසම්පන්න කොලට් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්මානනීය ව්‍යවසායිකාවක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදියි.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies

Leave a Reply

Your email address will not be published. Required fields are marked *