Made In Sri Lanka

Made In Sri Lanka Updates

ලෝකයේ විවිධ වර්ගයේ පැරණි මෝටර් රථ අකෘති දස දහස් ගණනක එකතුවක් ඇති ලාංකීකයා

විවිධ වාහන සදහා ඇති දැඩි කැමැත්ත නිසාම තමන් කැමති විවිධ වර්ගයේ වාහන ගැන විස්තර එකතු කරන කර අය ලෝකයේ සැම රටකම වාගේම අපේ රටෙත් දකින්නට අසන්නට ලැබෙනවා. මේ ආකාරයෙන් විවිධ මෝටර් රථ සදහා ඇති කැමැත්ත නිසාම විවිධ වර්ගයේ මෝටර් රථ ආකෘති එකතු කරන අපේ රටේ අපුරු පුද්ගලයෙකු සහ ඔහුගේ එම මෝටර් රථ එකතුව ගැනයි මේ විස්තරය. විනෝදාංශයක් ලෙස ආරම්භ කරන ලද මෝටර් රථ ආකෘති එකතුව සැබැවින්ම අපුරු දේයක් කිවහොත් නිවැරදි.

මහනුවර, බහිරව කන්ද ප්‍ර‍දේශයේ පදිංචි මොහු නමින් හේෂාන් වේ. මොහුගේ මේ මෝටර් රථ එකතුවේ ඇති විශේෂත්වය වන්නේ මෙහි ලෝකයේ පැරණි මෝටර් රථ  අකෘති සහිත දසදහසක් පමණ වු අකෘති මේ එකතුවේ ඇතුළත් වීමයි. මේ මෝටර් රථ අකෘති  එකතුව සදහා ඔහුට පදනම වැටෙන්නේ හේෂාන්ගේ පියා විසින් වේ.

මොහු සතුව මේ එකතුවේ වසර 100 වඩා තරම් පැරණි  මෝටර් රථ වල අකෘතිද පවති.  වර්ථමානයේ බොහෝ දෙනෙකු අසා නොමැති එංගලන්තේ පැවති පැරණිම මෝටර් රථ වල අකෘතින් මොහුගේ මේ එකතුවේ පවති. මෙහි පරම්පරා 3 ක මෝටර් රථ එකතුවක් පවති.  කාර් බ්‍රැන්ඩ් අතර  හම්බර්, රෝවර්, හෝල්ඩන්, හිල්මන්, මොරිස්  මේ එකතුවේ දකින්නට ලැබේ.මෙවැනි  මෝටර් රථ ආකෘති එකතුවෙන් කෞතුකාගාරයක්  ඉදි කිරිම හේෂාන්ගේ ආනාගත බලාපොරොත්තුවක් වන බව ඔහු විසින් ප්‍ර‍කාශ කර ඇත.

1

2

3

4

5

6

7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *