Made In Sri Lanka

Made In Sri Lanka Updates

ගෙවත්තේ සිටවිය යුතු වටිනා ශාකයක් වන සුවද හමන අඟිල් ශාකය

සුගන්ධයක් සහිත ශාකයක් කියපු ගමන් මතකයට නැගෙන්නේ සුදු හදුන් ශාකය වේ. නමුත් සුදු හදුන් හා සමානව අපේ රටට අවේණික වු මෙවැනි සුගන්ධයන් සහිත ශාකයක් තිබෙනවා. ඒ තමයි අඟිල් ශාකය. මේ අඟිල් ශාකයේ ඇති විශේෂත්වය වන්නේ මෙයද සුවදින් යුක්ත ශාකයක් වීමයි. මේ ශාකයේ ඇති සුවද නිසාම විවිධ සුගන්ධ වර්ග සැදීම සදහා මේ ශාකය බහුලව භාවිතා කරනු ලබයි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මේ අඟිල් විෂබීජහරණ ගුණයෙන්ද යුක්ත වේ.

මේ ගසේ අරටුවෙහි මිහිරි සුවදැති වාශ්පශීලී තෛල පදාර්ථයක් ඇති නිසා එයින් එන සුගන්ධය නිසාම මේ ශාකය සුවද විලවුන් සැදිම සදහා යොදා ගනු ලබන ප්‍ර‍ධාන ශාකයක් වෙනවා. ඊට අමතරව සුවද කුරු, සුවද දුම් නිෂ්පාදනය සදහාත් මෙය භාවිතා කරනු ලබනවා. අඟිල් ශාක විශේෂ කිහිපයක් ඇති අතර මේ කියන්නට යන්නේ අපේ රටට අවේණික වු අඟිල් ශාකය ගැනයි. අද වන විට වදවී ගෙන යන ශාකයක් ලෙස මෙය පෙන්වා දිය හැක.

නමුත් අප අනිවාර්‍යෙන්ම රැක ගත යුතු ශාකයක් ලෙසද මෙය හැදින්වේ. අපි මේ කතා කරන අපේ රටට අවේණික වු අඟිල් ශාකය මීටර් 7 – 8 තරම් උසට වර්ධනය වන ශාකයක් වේ. මෙහි කුඩා සුදු පැහැති මලක් හට ගන්නා අතර මෙහි කුඩා ගෙඩි ස්වල්ප වශයෙන් හට ගන්නා අතර ඉදුණු පසු එම අඟිල් ගෙඩි රතු පැහැයක් ගනී. මේ අඟිල් ශාකය සතු විෂබීජහැණ හැකියාව නිසා මෙය ඔබගේ ගෙවත්තේ තිබිය යුතු වටිනා ශාකයක් විදිහට පිළිගැනෙනවා.

1

මෙය දුම් ඇල්පීම සදහා ඔබට භාවිතා කළ හැක. මේ අඟිල් ශාකයේ අරටුවෙහි මෙහි සුගන්ධය රැදි පවති. මෙය අතු මගින් මෙන්ම බීජ මගින්ද පැළ කර ගත හැකි වේ. මෙහි අති ඖෂධීය ගුණ පිළිබද කතා කරන විට ශ්වසන රෝග, කල්ගත වූ තුවාල සුව කිරීමට, අතීසාරයට, කාන්තා රෝග සදහා, ස්නායු රෝග සඳහා ආදි ලෙස මේ සියලු රෝගයන් සදහා භාවිතා කළ හැකි වටිනා ඖෂධයක් වේ.

2

අතු රිකිල්ලකින් වුවද පහසුවෙන් වගා කර ගන්නට හැකි මේ අඟිල් ශාකය ඔබට සොයා ගන්නට හැකි නම් අනිවාර්යෙන්ම ඔබගේ ගෙවත්තේ තැනක මෙවැනි වටිනා පැලයක් සිටවා ගන්නට උත්සහා ගන්න. මෙහිදි අගල් 6 ක පමණ අතු කැබැල්ලක් ගෙන එහි හිටවන කොටසේ කොමාරිකා ස්වල්පයක් අලේප කොට මතුපිට පස්, කොම්පොස්ට් මිශ්‍ර පසක මෙය ඔබට සිටවීමට හැකි අතර සිටවු පසු මෙය ඔබට තවත් ආරක්ෂා කිරිම සදහා විනිවිද පෙනෙන පොලිතීන් උරයකින් ආවරණය කොට තැබීය හැක. එවිට සති 4 පමණ යන විට මෙහි මුල් අද්දවා ගැනීම සිදු කර ගත හැක. මෙවැනි ශාක අද වන විට අපි අතරින් නැති වී යන ශාක නිසා ඔබට මෙවැනි ශාකයක් සොයා ගන්නට හැකි නම් අනිවාර්යෙන්ම ඔබගේ ගෙවත්තේ තැනක මේ වටිනා ශාකයන් සිටවා ගන්නට අමතක කරන්න එපා.

3

4

5

6

7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *