Made In Sri Lanka

Made In Sri Lanka Updates

ඔබට ප්‍ර‍තිලාභ රැසක් ගත හැකි අශ්වගන්ධ හෙවත් අමුක්කරා ශාකය

අපේ රටේ වියළි කලාපයේ උෂ්ණත්ව වැඩි පුදේශයන් වල අපි මේ කතා කරන්නට යන අමුක්කරා ශාකය දැක ගත හැකි වේ. වියලි කලාපිය කැලෑ ආශිත ප්‍රදේශවල පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව ඇත.  මෙය ඖෂධ සදහා භාවිතා කරන දේශිය ඖෂධීය ශාකයක් ලෙස පෙන්වා දිය හැක.  මේ නිසා අයුර්වේදයේදි මේ ශාකය විශේෂයෙන් භාවිතා කරනු ලබයි.  මෙය මීටරයක් පමණ උසට වර්ධනය වන ශාකයක් වේ. මෙය පදුරක් ලෙසට වර්ධන වීම දැක ගත හැකි වේ.

මෙම ශාකයේ අල ,අමු මුල් පොඩි කල විට අශ්ව මුත්‍රා වල ගන්ධයට සමාන ගන්ධයක් ඇති කරන නිසා මෙවා අශ්වගන්ධ ලෙසද හදුන්වනු ලබයි. මේ ශාකයේ කොටස් අතරින් බහුලව ඖෂධ සදහා භාවිතා කරනු ලබන්නේ මේ අමුක්කරා මුල් වේ. ශක්ති ජනක ඖෂධයක් වන මෙය ස්නායු උත්තේජනය හා ශක්තිමත් කිරීම මෙහි ඇති ඖෂධීය ගුණය සමත් වේ. මේ සතුව ශරීරය පුෂ්ටිමත් කරන, ලේ පිරිසුදු කිරීම මෙන්ම මහළු වීම හා ජරාවට පත්වීම වැළැක්වීමේ හැකියාව ඇත. තරුණ බව රැකදෙන වටිනා ගුණ මේ සතු වේ. නින්ද නොයෑම සදහා අමුක්කරා අත්දුටු බෙහෙතක් ලෙස පෙන්වා දිය හැක.

මෙහිහට ගන්නා බීජ මගින් පැල ලබා ගත හැකි අතර මෙම බීජ වල පෘෂ්ටිය ගණකමින් වැඩි නිසා ජලයේ පෙගෙන්නට හැර සිටුවීම වඩාත් සුදුසුවේ. මෙහිදි වැලි මාධ්‍යක තවාන් කිරිම වඩාත් සුදුසු වේ. මෙයට කාබනික පොහොර යෙදීම වඩාත් සුදුසු වේ.   මේ අමුක්කරා පැල සදහා ඉතා හොදින් ජල වහනය කළ යුතු වේ. හොදින් පැල වු අමුක්කරා ශාකයේ අස්වැන්න ලෙස ලබා ගනු ලබන්නේ එහි හට ගන්නා ආකන්දීය මුල් වේ. මේවා සිටවීමෙන් පසු මාස 6-8 කාලයකදී මෙම ශාකය උදුරා මෙහි මුල් කොටස් ලබා ගත හැක. ඒවා මද පවනේ වේලා අස්වැන්න ලෙස ලබා ගත හැකි අතර මේ අමුක්කරා සදහා වෙළදපොලේ ඉහළ වටිනාකමක් ඇති නිසා ඔබට මේවා ආර්ථික බෝගයක් ලෙස වගා කරන්නට හැකි නම් ඉන් හොද ආදායමක් ලබා ගැනීමේ හැකියාව ඇත. අද වන විට බොහෝ දෙනෙකු නොදන්නා මෙවැනි වටිනා ඖෂධීය ශාක වර්ගයන් අපේ රටේ තව කොතෙකුත් ඇතිද .

1

2

3

4

5

6

7

8

9

10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *