Made In Sri Lanka

Made In Sri Lanka Updates

වෙල් අයිනේ සැදෙන ශරීරයේ ලේ ධාතුව වැඩි කරන මියෙන දළු

බොහෝ දෙනෙක් මේ කියන මියෙන දළු ශාකය දැකලා තියෙනවා. නමුත් මෙහි ඇති ගුණ පිළිබද වැඩිය දැනුවත් නොවෙන්න පුළුවන්. මේ මියෙන දළු කියන මේ ශාකය මීවන ශාක වර්ග අයත් එකකි. මෙහි දල්ල රෝල් වීම නිසා මෙයට මියෙන දළු යැයි හදුන්වනු ලබයි. මෙවා බොහෝ විට ජලජ පරිසරයක් සහිත තැන් වල ඉතා හොදින් පදුරු ආකාරයට වර්ධනය වන නිසා වැඩි වශයෙන් එවැනි ජලය රැදුනු තැන් වල දැක ගැනීමට හැකි වේ. මීවන කුලයේ ශාකයක් දල්ලක් වන මේ මියෙන දළු ආහාරයට ගන්නට හැකි වුවත් මීවන කුලයට අයත් සැම ශාකයක්ම ආහාරයට ගන්නේ නැත.

අපි මේ කියන මියෙන දළු රසයෙන් වාගේම ගුණයෙන්ද ඉහළ ආහාරයක් වේ. මේවා ව්‍යංජනයක් ලෙස, තෙල් දමා, මැල්ලුමක් ලෙසද ඔබට සකසා ආහාරයට ගත හැක. අතීතයේ දී අපේ ගැමියන් මෙවැනි ආහාරය් ඔවුන්ගේ දෛනික ආහා වේල සදහා එකතු කරගත්තද අද වන විට බොහෝ දෙනෙක් මේ පිළිබද වැඩි උනන්දුවක් දක්වන්නේ නැත. නමුත් අද වන විට ආහාරයට එක් කර ගත යුතු වාදගත්ම ආහාරයක් ලෙස මේවා පෙන්වා දිය හැක. මෙහි ඇති ගුණ පිළිබද කතා කිරිමේදි ශරීරයේ ලේ වඩවන ගුනය මේ සතු වේ.

මේය ගැබිණි මව්වරුන් සදහා ඉතාමත් ගුණ දායක ආහාරයක් වේ. කුඩා දරුවන් සදහා ඉතාමත් යෝග්‍ය වේ. ශරීරයේ රුධිරය අඩු මට්ටමක සිටින අයට රුධිරය වැඩි කර ගැනීමට දිව ඔසුවක් සේ මෙය පෙන්වා දිය හැක.මීට අමතරව ශරීරයේ කාටිලේජ වර්ධනයටත් මෙවා යෝග්‍ය වනවා. පහසුවෙන් සිටවන්නට හැකි මෙවැනි වටිනා ශාකයක් ඔබට පෝච්චියක වුවත් සිටවීය හැකියි. මේවා පදුරු ලෙස වැවෙන නිසා ඔබට ඉක්මනින් බෝ කර ගැනීමේ හැකියාව තිබෙනවා. ගෙවතු අලංකරණයට වුවත් මේවා ලස්සනට සිටවන්නට ද ඔබට හැකියාව ඇත.පහතින් බලන්න එහි චායාරුප.

1

2

3

4

5

6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *