Made In Sri Lanka

Made In Sri Lanka Updates

අධි තාක්ෂණික මුව ආවරණයක් හා තත්පර ගණනකින් ඩී එන් ඒ වාර්තාවක් ලබා ගත හැකි අපේ රටේ නව නිර්මාණ ශිල්පියා

පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර‍ කියන්නේ මේ වෙන කොට රටකට අත්‍යාවශ්‍යම යන්ත්‍ර‍යක් වී හමාරයි. මේ නිසා ලෝකය තුළ පී. සී. ආර්. යන්ත්‍ර‍ හිගකමක්ද ඇති වුනේ එතරම් ම මේ පී.සී.ආර්. යන්ත්‍රයේ අවශ්‍යතාව දැඩි වු නිසා වේ. මේ හේතුව නිසාම ලෝව පුරා ඉන්න විවිධ නව නිර්මාණ ශිල්පීන් විසින් විවිධ පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර‍ නිර්මාණය කරනු ලැබුවා. ඊට අමතරව ඒ හා සමාන විවිධ නිර්මාණයන් රාශියක් බිහි වී ඇත. මේ කියන්නට යන්නේ අපේ රටේ නව නිර්මාණ ශිල්පියෙකු විසින් මේ වසං ගලයට මුහුණ දීම සදහා අවශ්‍ය ඉතා වැදගත් නව නිර්මාණයන් පෙළක් හදුන්වා දී ඇත. මේඒ පිළිබද විස්තරය යි.

මේ නව නිර්මාණ ශිල්පියා වන්නේ බුද්ධි නදීෂ බණ්ඩාර ඔහු නැඟෙනහිර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයෙකු වේ. මොහු අතින් නිමවු පී.සී.ආර්. යන්ත්‍රය අනෙක් ඒවාට වඩා විශේෂ වේ මීට හේතුව වන්නේ ඔහු විසින් නිර්මාණය කරන ලද පී.සී.ආර්. යන්ත්‍රය ඔස්සේ තත්පර ගණනකින් ඩී.එන්.ඒ. වාර්තාවක් ගත හැකි වීමයි. ඊට අමතර මේ ඔස්සේ ඩී.එන්.ඒ. පරික්ෂණ දිනකට 20000කට අධික ප්‍ර‍මාණයක් කළ හැකි වීමත් මෙහි ඇති තවත් විශේෂත්වයක් වේ.

මොහුගේ නිර්මාණයන් අතර තවත් සුවිශේෂි නව නිර්මාණයක් වන්නේ අධි තාක්ෂණික මුව ආවරණය යි. මුව ආවරණය කියන්නේ මේ කාලයේ සියලු දෙනාමි අනිවාර්යෙන්ම පැළදීය යුතු තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව සලසා ගැනීඹ සදහා ඉතාමත් යෝග්‍ය ආවරණයක් වේ. නමුත් බුද්ධි විසින් මුව ආවරණයක් නිර්මාණය කර ඇති අතර මෙය නිර්මාණය කිරිමට ප්‍ර‍ථම මොහු විසින් අපේ රටේ මෙන්ම විදේශ රට වලද නිෂ්පාදිත විවිධ මුව ආවරණ පිළිබද විමර්ශනයක්ද සිදු කොට ඇත.

විවිධ ආකාරයෙන් නිර්මාණය කර ඇති මේ මුව ආවරණ වලින් ආරක්ෂාවක් නොලැබෙන බව මොහුට නිරික්ෂණය වු නිසා මෙයට විසදුමක් ලෙස මොහු විසින් තාක්ෂණය යොදා ගනිමින් වයිර සය ශරීරය ඇතුළට ගමන් කිරීම බාධා කරන ආකාරයේ තාක්ෂණික උපකරණයක් නිර්මාණය කිරීමට සමත් වනවා. මේ ඔස්සේ වෛර ස මෙන්ම බැක්ටීරියා මුඛය මෙන්ම නාසය හරහා ගමන් කිරීම වැළැක්වීම සහ මේ ඔස්සේ ප්‍රාශ්වාසයෙන් කිසිදු රෝග කාරකයක් පරිසරයට මුදා නොහැරෙන සේ මෙය සකස් කොට ඇත. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ශරීරය උෂ්ණත්වය මැන බැලීමේ හැකියාවද මෙයට ඇත.

මෙහි ඇති සංවේදකයක් මගින් එය ජංගම දුරකතනයට සම්බන්ධ කර ඇති අතර එහිදි මුව ආවරණය පැළද සිටින්නාගේ ශරීර උෂ්ණත්වය බලා ගැනීමේ හැකියාවක් පවති. මේ ඔස්සේ මෙය පැළද සිටින්නා ගමන් කරන ස්ථාන ද ජංගම දුරකතනය මඟින් නිරීක්ෂණය කිරිමට හැක. මෙහි ඇති සුවිශේෂිම කරුණ වන්නේ පැළදසිටින්නා ආසාදිතයකු සිටි ස්ථානයක සිටියහොත් මෙන්ම මොහු අසාදිතයෙකු වුහොත් එයද හදුනා ගත හැක. මේ වන විට මොහු විසින් නිර්මාණය කරන ලද මේ මුව ආවරණය ශ්රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනයේ බැක්ටීරියා සහ විෂබීජ විනාශ කළ හැකි බවට පර්යේෂණ මඟින් තහවුරු කර ගෙන ද ඇත. මෙවන් කාලයක මිනිසුන්ගේ සෞඛ්‍යාරක්ෂා උදෙසා වැදගත් වන මෙවැනි වටිනා නව නිර්මාණයන් වලට අවස්ථාවන් ලබා දී මෙවා තව තවත් දියුණු වි රටේ ජනතාවගේ ආරක්ෂාව උදෙසා හැකි ඉක්මනට යොදා ගැනීමට අවස්ථාව සැලසේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *