Made In Sri Lanka

Made In Sri Lanka Updates

ස්භාවිකව ගෙදරදීම ජෙලි හදන්න යොදා ගත හැකි වටිනා ගුණ ඇති කැහිපිත්තන්

කැහිපිත්තන් කිවාම බොහෝ අයට මේ නම හුරු පුරුදු නැති වෙන්න පුළුවන්. නමුත් මේ කැහිපිත්තන් කොළ කියන්නේ  දේශීය  වෙදකමේදී  භාවිතා කරන ලද වටිනා ඖෂධයක් වනවා. මේ කැහිපිත්තල් වැල් පාතා ල ගරුඩී, සෝම වල්ලිය යන විවිධ නම් වලින් හදුන්වනු ලබනවා.  මෙහි පත්‍ර‍ තද කොළ පැහැයක් ගන්නා අතර පත්‍ර‍ සිනිදු ස්භාවයක් ගනී. මෙහි හට ගන්නා ගෙඩි කොළ පැහැ වන අතර හොදින් ඉදුණු ගෙඩි සුදු පැහැ වේ.

මේ කැහිපිත්තන්  වැල් වල ඇති  ඖෂධීය ගුණ  නිසාම  මෙය ගැස්ට්‍ර‍යිටිස්  රෝගයට ඉතාමත් වටිනා ඖෂධයක් වනවා. මෙයින් සදා ගන්නා  ජෙලි හිස් බඩ උදේ ආහාරයට ගන්නේ නම්  ඉතාමත් ගුණදායක බව කියවේ. මීට අමතරව, මුත්‍ර‍ආසාධන වලට,  සෙම් රෝග වලට, කැස්ස, සෙම්ප්‍ර‍තිශාව,  සර්ප විෂ, ආහාර අරුචිය ආදි රෝග රැසකට මේ කැහිපිත්තන් ජෙලි ආහාරය ඉතාමත් වටිනවා.

1

 අපේ රටේ බහුලව මේ කැහිපිත්තන්  වැල් දැක ගත හැකි වන අතර මෙය අත් බෙහෙත් පැළැටියක් ලෙසද බොහෝ දෙනා හදුන්වනු ලබනවා.මෙහිදි ඔබට මේ රෝගයන් සදහා කැහිපිත්තන් ජෙලි සදා ගැනීම ඉතාමත් පහසු වේ. එහිදි මුලින්ම කැහිපිත්තන් කොල ස්වල්පයක් කඩා හොදින් සොදා ඒවා ජලය ස්වල්පයක් සමග වංගෙඩියක දමා කොටා ගත යුතුය.  නැතිනම් ඔබට බ්ලෙන්ඩර් එකක් භාවිතා කරමින්ද  ඒවා කොටා ගත හැක.

2

පසුව ඒවා හොදින් පෙරා ගැනීම කළ යුතුය. එලෙස පෙරා ගත් ද්‍ර‍වණයට අවශ්‍ය තරම් සිනී හෝ මී පැණි  යොදා හොදින් කළවම් කොට ස්වල්ප වෙලාවක් තැබීම මගින් ඔබට  අපි සමාන්‍යයෙන් දකින ජෙලි ආකාරයට මෙය ඔබට දැක ගත හැකි වේ.  මේය අධික ශිතල ආහාරයක් නිසා ගැස්ට්‍ර‍යිටීස් රෝගීන් හට මෙය උදැසන හිස් බඩ ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ.

3

ශරීරයේ උෂ්ණාධික අය සදහා මෙය වඩාත් සුදුසු ආහාරයක් වන අතර කුඩා දරුවන්ට,  කිරි දෙන මව්වරුන්ට වුවත් දිය හැකි වටිනා  ඖෂධීය ආහාරයක් වේ. මෙය ඔබට අතුරුපක් ලෙසද ආහාරයට ගත හැකි වටිනා දේයක් වේ.ඔබටත්  මෙවැනි ස්භාවික ඖෂධීය ආහාරයක් සකසා ගෙන ආහාරය ගත හැකි නම් ඔබගේ රෝගයන් සියල්ලටම එය හොද වටිනා ඖෂධයක් වේ.

4

5

6

7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *