Made In Sri Lanka

Made In Sri Lanka Updates

මේ දවස් වල ගෙදරට එන මදුරුවන් පහසුවෙන් පළවා හරින්නට හැකි ස්වභාවික ක්‍ර‍ම ටිකක්

වැසි කාලය අවසන් වනවාත් සමගම අපි හැමෝම මුහුණදෙන එක් කරදරයක් තමයි මේ මදුරුවන්ගේ කරදරය. මේ දින වල  ඩෙංගු රෝගය නැවත හිස ඔසවන බව අපි කවුරුත් දන්නා කරුණක්. මේ නිසා ඔබගේ නිවැසියන් රෝගකාරකයන් ගෙන එන මදුරුවන්ගෙන් ආරක්ෂා කර ගන්නට ඔබට ගෙදරට වෙලා ඉන්න මේ කාලයේදි ගෙදර ඉදන්ම මේ මදුරවන්ගෙන් ආරක්ෂා විමට කළ හැකි ස්භාවික ක්‍ර‍ම කිහිපයක් ගැනයි මේ විස්තරය. මෙහිදි ඔබට මදුරු විකර්ෂක සුවද වර්ග කිහිපයක් ඔබට දැන ගත හැකි වේ.  

01. පහසුවෙන් සොයා ගන්න පුළුවන් කරාබු නැටි

කරාබු නැටි කියන්නේ සැර සුවදක් එක ආහාර රසවත් කිරිම සදහා යොදන වටිනා කුළු බඩුවක් වන අතර වටිනා ඖෂධයකි. මේ කරාබු නැටිස්වල්පයක් කුඩා වතුර භාජනයකට දමා මිනිත්තු 15 ක් පමණ  තම්බා ගැනීම සිදු කළ යුතු වේ.  ඉන් පසු එම මිශ්‍ර‍ණය බිංදු 10 ක් පමණ ඔබ තල ඇති ඕනෑම කොලෝන් වර්ගයක් සමග මිශ්‍ර‍ කොට ඔබගේ සිරුරේ නිරාවරණය වන ස්ථාන වල ආලේප කළ හැක.

02. වැනිලා පවුඩර් භාවිත කිරිම

බොහෝ වේලාවට  නිවසක විවිධ ආහාර සැදීම සදහා ගෙන එන ලද වැනිලා පවුඩර්  තියෙන්න පුළුවන් මේවා භාවිතා කරලාත් ඔබට මේ මදුරු විකර්ශක ආලේපයක් සදා ගත හැක. මෙවා ස්භාවික ක්‍ර‍ම නිසා ඔබට කිසිදු බියකින් කොරව මෙවැනි දේයක් සදා ගත හැකත මෙහිදි ඔබට අවශ්‍ය වන්නේ වැනිලා පවුඩර්   සහ බේබි ලෝෂන් වේ. මෙහිදි  1: 10 අනුපාතයෙන් යුතුව මෙවා කලවම් කොට සිරුරේ නිරාවරණය වන ස්ථානයන් හි අලේප කිරිමේ හැකියාව ඇත. මේවා ඔබට ඔබගේ ඇදුම් වලටද ස්ප්‍රේ කිරිමේ හැකියාව ඇත.

03. දේවදාර තෙල් නැතිනම් සීඩර් ඔයිල් භාවිතා කිරිම

දේවදාර කියන්නේ ඖෂධීය ගුණ ඇති ඉතාමත් වටිනා ශලයක් වේ. මෙහි කොළයක් පොඩි කර බැලු විට ඔබට සැර සුගන්ධයක් එයින් ආග්‍ර‍හණය වේ. මේ දේවදාර වලින් තෙල් නිෂ්පාදනය කරන අතර මේ දේවදාර තෙල් ඔබට මදුරු විකර්ෂකයක් ලෙස භාවිතා කළ හැක. මෙයින් මැස්සන්, කැපොත්තන්ද පළවා හැරිමේ හැකියාව ඇත.

04. අසමෝදගම්, කපුරු ආදි තෙල් වර්ග ඔයිල් වර්ග

මේ ස්භාවික ශාකසාරයන් යොදා සාදන තෙල් වර්ගද ප්‍ර‍බල මදුරු විකර්ෂක වේ. මෙහිදි ඔබට වතුර ස්වල්පයකට තෙල් බිංදු ස්වල්පයක් දමා එය හොදින් කළවම් කොට ස්ප්‍රේ බෝතලයයක දමා තැනින් තැන ඉසීම ඔබට කළ හැක. නැතිනම් උණුසුම් පිරිසිදු තැටියකට මේ තෙල් සහිත ජලය ඉසීම මගින් එපා රත් වන විට ඔබගේ කාමරය පුරා මෙහි සුගන්ධය පැතිරි යයි. එමෙන්ම මේ මිශ්‍ර‍ණයේ පෙගවු පුළුන් කැබලි මදුරුවන් පැමිණෙන ජනෙල් වැනි ස්ථාන වල තැබීම මගින් ඔබට මදුරුන්ගෙන් ආරක්ෂා විය හැක.

05. ෂැම්පූ වර්ගයක් , විනාකිරි  සහ ආහාර සකස් කරන තෙල් භාවිතා කිරීම

මේ කියන්නට යන්නේ ඔබට ඔබේ නිවසෙන් පහුසවෙන් සොයා ගන්නට පුළුවන් ෂැම්පූ , විනාකිරි  සහ ආහාර සකස් කරන තෙල් භාවිතා කරලා සදා ගත හැකි අපුරු  මදුරු විකර්ශකයක් ගැනයි. මේ ද්‍ර‍වණ සියල්ල සමාන කොටස් වලින් ගෙන පෙණ නගින තුරු හොදින් කළවම් කල යුතු වේ. බදුනක දමා විවෘත කොට ගැබිය හැකි වාගේම සිරුරේ වුවත් ආලේප කර ගත හැක.මේ ආකාරයෙන් ඔබට පහසුවෙන් නිවසේදී සෞඛ්‍යාරක්ෂිතව මේ දවස් වල ඉන්න මදුරුවන්ගෙන් බේරීම සදහා ස්භාවික මදුරු විකර්ෂකයන් සදා ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *