Made In Sri Lanka

Made In Sri Lanka Updates

ලොව අංක එකේ මෝටර් රථ සහ ගුවන් යානා එන්ජින් නිෂ්පාදන ආයතනයේ සේවයේ නියුතු ශ‍්‍රී ලාංකික දියණිය

ලෝකය හමුවේ විවිධ දක්ෂතා දක්වන පිරිසි අතරට අපේ රටේ ශ්‍රී ලාංකීකයන්ද ඇතුළත් වී සිටිම අපේ රටට මහත් ආඩම්භරයකි. මේ එවැනි කෙනෙකු පිළිබද විස්තරයක් වේ.  ඇය අපේ රටේ දක්ෂ දියණියක් වේ. මේ දක්ෂ දියණිය නමින්  නිපුනි කරුණාරත්න වේ ඇයගේ ඇති විශේෂත්වය වන්නේ මේ වන වටි ඇය එංගලන්තයෙහි පිහිටි ලොව අංක එකේ මෝටර් රථ සහ ගුවන් යානා එන්ජින් නිෂ්පාදන ආයතනයක් වන rolls royce සමාගමේ ඩිජිටල් ආකෘතික කළමනාකාරවරියක් ලෙස සේවය කරනු ලබයි. මේ rolls-royce සමාගම් ඉතිහාසය තුළ එම තනතුරට පත් ළාබාලතම තැනැත්තිය වන්නේද ඇයයි.

මැය පිළිබද වැඩිදුරටත් කතා කිරිමේදි ඈ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යා ඉංජිනේරුවරියක් ලෙස තම දක්ෂා පෙන්වා හමාරය. ඈ ඇමරිකාවේ ඇට්ලන්ටා පිහිටි ලොව විශාලතම ගුවන් යානා අලූත්වැඩියා මධ්‍යස්ථානය ඉදිකොට ඇත්තේ ද ඇයගේ නායකත්වය සහ තාක්ෂණික උපදෙස් මතය. විවිධ අභියෝග මැද ජිවිතය ජය ගත් ඇය තම ආත්ම විශ්වාසය, ධෛර්ය, කැපවීම ඔස්සේ ඇගේ හිනය වුයේ යම් දිනක  නාසා ආයතනයට හෝ rolls royce සමාගමට එකතු වීමටයි. ඇයගේ ඒ සිහිනය මුදුන් පත් කරමින් 2015 වර්ෂයේ දී ඉංජිනේරුවරියක් ලෙස rolls royce සමාගමට එක් වීමට ඇයට අවස්ථාව උදා වන්නේ ඇගේ සිහිනය යථාර්තයක් කරමින් ය. ඒ අනුව ඇය වසර 2 එහි නිෂ්පාදන ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරනු ලබන අතර ඇයගේ දක්ෂතා හේතුවෙන් ඇයට එම ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය හිමි වනවා.

1

 ඇය සතු දක්ෂතාවය හේතුවෙන් ලෝකයේ ලොකුම ගුවන්යානා අලූත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් වන ඇමරිකාවේ ඇට්ලන්ටා Delta Tech සෙන්ටර් එක නිර්මාණය කිරිමේදි එහි නායකත්වය ඇය විසින් වේ.නිපුනි කරුණාරත්න වන ඇය විසින් එංගලන්තයේදී දක්වන ලද දක්ෂතාවයන් හේතුවෙන් ඒ වෘත්තිකය්නගේ දක්ෂතා ඇගයීම සදහා ඉහළම සම්මාන ප‍්‍රදානය කරනු ලබන අතර එහිදි විද්‍යා හා තාක්ෂණික අංශයෙන් ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට ද ඇය සමත් වන්නේ ඇය සතු මේ විශිෂ්ඨ හැකියාව නිසා වේ. මේ වනවිට ඇයගේ ප‍්‍රධානත්වයෙන් ඉංජිනේරු කණ්ඩායමක් කෘතිම බුද්ධිය භාවිතා කරමින් ගුවන් යානා එන්ජින් ලෝකයට නිර්මාණය කර දීමේ අපුරු කටයුත්තක නියැලි සිටිනවා.අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව ඔස්සේ විස්කම් දක්වන ඇය ගැන සැබැවින්ම අපි ලාංකීකයන් ලෙස ආඩම්භර විය යුතු අතර ඇයගේ  අනාගතයේ ඉටු කිරිමට බලාපොරොත්තු වන සියලු කටයුතු ඒ අයුරින්ම සාර්ථක ලෙස ඇයට නිම කිරීමට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නේමු.

2

3

4

5

6

7

8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *