Made In Sri Lanka

Made In Sri Lanka Updates

ගෙදරදීම හදන්නට හැකි අපුරු රසයෙන් යුත් ගුණ දායක කාමරංගා ජෑම්

ජෑම් කියපු ගමන් ඔබ විවිධ ජාතියේ ජෑම් වර්ග වෙළදපොලෙන් මිලදි ගෙන ආහාර ගෙන ඇති. ඔබගේ දරුවන්ටත් එම ජෑම් වර්ග ආහාරයට ලබා දී ඇති. නමුත් ඔබටත් ඔබගේ දරුවන්නටත් ආහාරයට එක් කර ගත හැකි, නිවසේදීහ ඔබට මේ ජෑම් වර්ගයක් සදා ගත හැකි නම් එය කොතරම් වටිනවාද. එහි ගුණය වාගේම සෞඛ්‍යරක්ෂිත බවත් වැඩි. මේ කියන්නට යන්නේ ඔබ ගන්නා පළතුරකින්ම එවැනි රස ගුණ පිරි ජෑම් එකක් සදා ගන්නා ආකාරයයි. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ කාමරංගා පළතුර වේ. කාමරංගා ගැන කතා කරන විට කාමරංගා කියන්නේ කැල්සියම් බහුල, ප්‍ර‍තිඔක්සිකාරක ගුණ වැඩි ඉතා විටිනා ගුණ ඇති පළතුරක් වේ. ඉතාමත් ප්‍ර‍ණිත රසයෙන් යුතු වේ පළතුර ආහාරයට ගන්න ලොකු කුඩා ඕනෑ කෙනෙක් කැමති.

1

කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට, රුධිරයේ සිනී මට්ටම පාලනයට, කොන්දේ ආමාරුවට, ස්නායු ආබාධයන්ට, ශරීරයේ විජලනය වැළැක්වීමට ආදි ලෙස රෝගයන් රැසකට විශිෂ්ට ගුණ දායක පළතුරකි. මේ කාමරංගා කියන්නේ වසරේ එක් කාලයකට පමණක් හට ගන්නා පළතුරක් වන අතර එම පළතුර නැති කාලයේදි ඔබගේ ආහාරය සදහා මේවා තබා ගන්නට හැකි වනසේ ඔබට මේ කාමරංගා යොදා ගෙන ජැම් සදා ගත හැක. මෙහිදි හොදින් ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් ගෙන ඒවා හොදින් පිරිසිදු කොට එහි ඇති වටා ඇති දාර කපා ඉවත් කළ යුතු වේ. ඉන්පසු ඒවා අගල් භාගයේ වැනි කැබලි වලට කපා වෙන් කර ගත යුතු වේ.

2

එම කැබලි සියල්ල බ්ලෙන්ඩර් එකකට දමා හොදින් බ්ලෙන්ඩ් කර ගත යුතු අතර ඒ සියල්ල පසුව භාජනයකට දමා එයට අවශ්‍ය ප්‍ර‍මාණයට සිනී එකතු කොට නැවත හොදින් කළවම් කර ගත යුතුය. පසුව එම කාමරංගා මිශ්‍ර‍ණය ලිපේ තබා හොදින් රත්වන විට එයට ලෙමන් මේස හැන්දක්, කරාබුනැටි, එනසාල් එකතු කළ යුතුය. හොදින් මිශ්‍ර‍යේ පෙන නගින තෙක් තබා පසුව ජිවානුහරණය කරන ලද විදුරු බෝතල් තුළට එම මිශ්‍ර‍ණය දමිය යුතුය. මිශ්‍ර‍ණය නිමෙන්නට පෙර හොදින් මුඪිය වසා තැබිමෙන් අනතුරුව මේ කාමරංගා ජෑම් ඔබට වසරක් ලමණ කල් ගබා ගත හැක. ඔබ මෙය දිනපතා භාවිතයට ගන්නේ නම් මුඩිය විවෘත කළ පසු ශිතකරණයේ තැබීමද අනිවාර්ය වේ. වෙළදපොලෙන් ගන්නා ජෑම් වලට වඩා ගෙදරදීම සදා ගන්නා මෙවැනි ආහාර වර්ග ඔබට කිසිම බියකින් තොරව ඔබගේ දරුවාගේ ආහාර වේලටද එක් කළ හැක. පහත චායාරුප බලා අනුගමනය කරන්න.

3

4

5

6

7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *