Made In Sri Lanka

Made In Sri Lanka Updates

අපේ රටේ ප්‍ර‍ථම වතාවට සාර්ථකව සිදු කරන ලද මයිසූර් පරිප්පු වගාවේ අස්වැන්න නෙළයි

පරිප්පු කියන්නේ අද වන විට සැමදෙනාගේම ආහාරයේ අනිවාර්යයෙන්ම තියෙන දේයක් . දිනකට ලංකාව තුඝ පරිභෝජනය සදහා පරිප්පු විශාල ප්‍ර‍මාණයක් අවශ්‍ය වන අතර මේ සියලු පරිප්පු බොහෝ විට ඉන්දියාව වැනි රට වලින් අපේ රටට අනායනය කරනු ලබනවා. නමුත් මේ කියන්නට යන්නේ පරිප්පු සම්බන්ධ අපේ රටේ සිදු වු විශේෂ දේයක් ගැනයි. හොද දේශගුණයක්, හොද පසක් ඇති අපේ භුමිය තුළ වගා කළ නොහැකි දේයක් නොමැත යන්නට පසුගිය දිනක සිදු කරන ලද විශේෂ වගාවකින් අපිට හොදින්ම කරුණු අවබෝධ වේ.

ඒ තමයි පළමු වතාවට අපේ රටේ මඩකලපුවේ වාකරේ ප්‍රදේශයේ කදිරවේලී ගම්මානයේ වගා කරන ලද පරිප්පු අස්වැන්න නෙලීමේ උත්සවයක් පැවතුනා. මෙතරම් කාලයක් විදේශ රටවලින් ගෙන රන ලද මේ මයිසූර් පරිප්පු වෙනුලට අපේ රට තුළද මෙවැනි බෝගයන් වගා කඛ හැකි බවට මෙය කදිම නිදසුනක් වුනා. දැනටතමත් මේ පරිප්පු වගාවට කිහිපදෙනෙකු යොමු වී තිබෙනවා. වාකරේ ප්‍රදේශයේ කදිරවේලී ගම්මානයේ පසුගිය දිනක අක්කර 300 ක් පමණ ඔවුන් විසින් වගා කර තිබුනේ පරිප්පු වේ.

වාකරේ ප්‍රදේශයේ ධීවර රැකියාව සිදු කරනු ලැබු බොහෝ පිරිසක් රජයෙන් ලබා දුන් පරිප්පු බීජ සාර්ථකව වගා කරන ලද අතර පසුගිය දිනක එයින් ලද අස්වැන්න ලබා ගැනීම හේතුවෙන් ඒ වෙනුවෙන් ඔවුන් විසින් උත්සවයක්ද සංවිධානය කර තිබුනි. මේ පරිප්පු වගාව සාර්ථක ලෙස ඉදිරියට සිදු කරගෙන යාමට අදාළ බලධාරින් මේ වන විටත් කටයුතු සංවිධානය කර ඇති අතර ඒ තුළින් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සදහා එය වඩාත් සහය වනු නොඅනුමානය. මේ ඔස්සේ අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආර්ථිකය සාර්ථක කර ගැනීමට මෙන්ම විශාල විදේශ විනිමය ප්‍ර‍මාණයක් අපේ රට තුළ ඉතිරි කර ගැනීමේ හැකියාවක් පවති. සාරවත් පොළවත් ඇති අපේ රට තුළ මෙවැනි වගාවන් ඉදිරියටත් සාර්ථක කර ගැනීමට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

#1

#2

#3

#4

#5

\

Leave a Reply

Your email address will not be published. Required fields are marked *