Made In Sri Lanka

Made In Sri Lanka Updates

Singapore Space Challenge තරඟාවලියේ හොඳම කණ්ඩායම් තුන අතරට ආ අපේ තරුණ කණ්ඩායම

ලෝකයේ විවිධ ක්ෂේත්‍ර‍න් හා සම්බන්ධ ඊට අදාළ විවිධ තරගාවලින් පවත්වනු ලබනවා. මේ තරගාවලීන් සදහා බොහෝ අවස්ථා වලදී අපේ රටින් සහභාගි වන අවස්ථා මෙන්ම එම තරගාවලින් වලදී විශිෂ්ඨ ලෙස ජය ගන්නා අවස්ථාද දකින්නට ලැබෙනවා. මේ කියන්නට යන්නේ අපේ රටේ තරුනයන් තණ්යාමක් විසින් එවැනි ආකාරයේ ජයග්‍ර‍හණයක් ලබා ගත් අව්ථාවක් ගැනයි. මේ කණ්ඩායම නමින් SEDS_LunarBot කණ්ඩායම වේ. මේ කණ්ඩායම පිළිබද කතා කරන විට මෙහ උසස් පෙළ සිසුන් තිදෙනෙකු මෙන්ම විශ්ව විද්‍යාලයේ පළමු වසරේ විද්‍යාර්ථයෙකු සිටිනවා.

මොවුන් සිව් දෙනා විසින් පසුගිය මාස කිහිපයකට පෙර සිංගප්පුරුවේ පැවති Singapore Space Challenge 2021 තරඟාවලිය සදහා සහභාගි වනවා.මේ Singapore Space Challenge තරඟාවලිය ගැන කතා කරන විට ආයතන රැසක අනුග්‍ර‍හයෙන් පවත්වනු ලබන අන්තර්ජාතික තරගාවලියක් වේ. මේ සදහා ලෝකයේ රටවල් 18 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 140 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වු අතර අපේ රටින් මේ තරගාවලිය සදහා නියෝජනය කරනු ලබන්නේ මේ SEDS_LunarBot කණ්ඩායම සහ තවත් විශ්ව විද්‍යාල කණ්ඩායම් වේ.

නමුත් මේ Singapore Space Challenge 2021 තරගාවලියේදි කණ්ඩායම් සඳහා ලබාදුන් ප්‍ර‍ධාන කාර්යය වනුයේ සඳ මත කැණීම් සිදු කිරීමට හා ස්ථානීය සම්පත් භාවිතා කිරීමට හැකි වන පරිදි රෝවර් යානයක් සැලසුම් කිරීමයි. මේ මාතෘකාව ඔස්සේ නව නිර්මාණයන් සිදු කල අය අතර හොඳම නිමැවුම් 3 අතරට එක්වීමට SEDS_LunarBot කණ්ඩායමේ නිර්මාණය කළ එම නව නිර්මාණය සමත් වනවා. සැබැවින්ම ලෝකයේ දියුණු රටවල් බොහෝමයක් පරදවා ඔවුන් ලද මේ ජයග්‍ර‍හණය සැබැවින්ම අපේ රටට මහත් ආඩම්බරයක් වනවා සේම. ලෝකයේ කිසිම රටකට නොදෙවෙනි මෙවැනි දක්ෂයන් අපේ රටින් ඉදිරි අනාගතයේදි බිහි වීමද සැබැවින්ම ලාංකීකයන් වන අපට ආඩම්භරයකි.

1

2

3

4

5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *