Made In Sri Lanka

Made In Sri Lanka Updates

වැඩිය ගනන් නොගන්නා ඔබගේ ගෙවත්තේ වැවෙන ඇස්ප්‍රින් ගුණ ඇති දිය බුලත් නැතිනම් දිය තිප්පිලි

බොහෝ ගෙවත්තවල් වල සැදෙන වතුර ගතිය වැඩි පැළැටියක් ලෙස මේ දිය තිප්පිල, නැතිනම් දිය බුලත් එසේත් නැතිනම් වතුර ගස් පෙන්වා දිය හැක. වියළි කලාපයේ බොහෝ විට වැඩිය දකින්නට නැති වුනත් මේ මාංශල පැළැටිය තෙත් ප්‍රදේශයන් වල හොදින් වැඩේ. අපි මේ කතා කරන දිය තිප්පිලි පැළැටියේ කද මාංශල වීම නිසා මෙය විනිවිද ස්භාවයක් ගනි. මේ නිසාම මෙම පැළැටිය හදුනා ගැනීමට පහසු වනවා. මේ දිය තිප්පිලි බොහෝ ප්‍රදේශවල ජනතාව කොළ කැස සකස් කිරිමට, සලාද වලට භාවිතා කරනු ලබන්නේ මෙහි ඇති ගුණ නිසාමය.

බොහෝ අය නොදැනුවත් කම නිසා වල් පැළැටියක් සේ සලකා මේ දිය තිප්පිලි ගෙවත්තෙන් ඉවත් කිරීම සිදු කරනු ලබුවත්. ඔබ දන්වාද මේ දිය තිල්ලිලි සතුව ඇති වටිනා ගුන ඔබ දැන ගත් විට ඔබ මේ පැළැටියක් සොයාගෙන විත් ඔබගේ ගෙවත්තේ සිටවනවා නොඅනුමානයි. මේ දිය තිප්පිලි පැළැටිය සතුව ඇස්ප්‍රින් ගුණ අඩංගු වේ. උණ ගතිය පහ කිරීමට, ආතරයිටීස්, ගැස්රයිටීස්, මුහුණේ කුරුලැ වලට, සන්ධි රෝග සදහා, පිලිස්සීම් තුවාල සදහා, සැරව බිබිලි සදහා ආදි ලෙස විවිධ අවස්ථාවන් ලෙස භාවිතා කළ හැති වටිනා ඖෂධීය ගුණ රාශියකින් සමන්විත වේ.

මේ දිය තිප්පිලි තම්බා උදැසන හිස් බඩ පානය කරන්නේ නම් එය ගැස්රයිටීස් රෝගීන් සදහා මහත් ගුණදායක වේ. මාංශල ගතියෙන් යුත් මේ පැළැටියේ ඉහළ පොටැසියම් ප්‍ර‍තිශතයක් මෙන්ම කැල්සීයම් මෙන්ම, කැරෝටීව් ද අඩංගු වේ. විදේශ රටවල බොහෝමයක් මේ පැළැටිය ආහාර සදහා යොදා ගනු ලබයි. ආහාරයෙන් ලෙසද ඔබට භාවිතා කළ හැකි මේ තිප්පිලි ශාකය ඔබට මැල්ලුම් ආකාරයෙන්, ව්‍යංජනයක් ලෙසද සදා ගත හැක. ඉක්මනින් පැළ කර ගැනීමේ ඇති හැකියාව නිසා ඔබටත් මෙවැනි වටිනා පැළැටියක් ගෙවත්තේ සෙවන ඇති ස්ථානයක සිටවා ගන්නේ නම් ඉන් අවාසියක් වන්නේ නැත. පහතින් බලන්න එහි චායාරුප.

1

2

3

4

5

6

7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *