Made In Sri Lanka

Made In Sri Lanka Updates

ගෙදරට වෙලා ඉන්න මේ කාලේ අවුරුද්ද පුරා වගා කරන්නට හැකි මාළු මිරිස් වවමු

ලා කොළ පැහැති නැතිනම් කහ පැහැති කරල් සහිත මාළු මිරිස් බොහෝ දෙනාගේ ආහාර සදහා යොදා ගනු ලබන බෝග විහේෂයක් වනවා. මේ මාළු මිරිස් කියන්නේ ඕනෑම දේශගුණික කලාපයක වගා කළ හැකි වසර පුරාම වගා කරන්නට හැකි බෝගයක් වනවා. ගෙදරට වෙලා නිදහසේ ඉන්න මේ කාලයේ වගා කටයුතු යොමු වෙලා ඉන්න අයට වවන්න පුළුවන් හොද බෝගයක් තමයි මේ මාළු මිරිස් කියන්නේ. ඔබට හොදින් ජලය ලබා දිය හැකි ගැඹුරු සාරවත් ලෝම පසක් තුථ මේ මාළු මිරිස් වගාව සිදු කළ හැක. ඔබ මාළු මිරිස් වගා කරන්න පෙර මසකට කලින් බීජ තවාන් කිරීම අවශ්‍ය වේ.

1

මෙහිදි ඔබට තවාන් බඳුනක මෙන්ම පොළවේ සදා ගත් පාත්තියක වුවද මෙම තවාන් දැමීම සිදු කළ හැක. මෙලෙස තවාන් දැමීමේදි සෙන්ටිමීටර් 10 – 15 ක් පරතරය ඇතිව සෙන්ටිමීටරයක් ගැඹුරින් බීජ පේළියට ඇතිරීම කළ යුතුය. එම බිජ වලට අවශ්‍ය තරම් ජලය යෙදිය යුතු වේ. මේ ආකාරයෙන් තවාන් දමා ගන්නා මාළු මිරිස් බීජ වලින් ඔබට දින 21 පමණ ඔබගේ වගා භුමියේ සිටුවා ගත හැකි වන සේ මාළු මිරිස් පැල හොදින් වර්ධන වී ඇති බව ඔබටම පෙනේ.

2

ඔබ මේ ආකාරයෙන් තවාන් වලින් ලබා ගත් මාළු මිරිස් පැල ඔබගේ වගා භුමියේ සිටවීමට පෙර අදාළ භුමිය නියමාකාරව ඔබ විසින් සකස් කරගත යුතු වේ. ඔබට අවශ්‍ය ප්‍ර‍මාණයට බිම් සකස් කොට එයට ජලවහන කාණුද යෙදීම ද සිදු කළ යුතුය. එහිදි ඔබ තවානෙන් ගත් මාළු මිරිස් පැල සිටුවීමේදි එම වගා භුමියේ පසට කාබනික පොහොර යෙදීම තුළින් ඔබට හොදින් පැල වර්ධන කර ගැනීමේ හැකියාව ඇත. ඊට අමතරව ඔබට අවශ්‍ය නම් යූරියා, ත්‍රිත්ව සුපර් පොස්පේට් ආදිය පැල සිටුවීමට පෙර දින 2 කට කලින් එම පසට එකතු කිරිම කළ යුතු වේ. අදාළ වගාවට ජල සම්පාදනය කිරිමේදි මුල් කාලයේදී දින 4 – 5 කට වරක් ජලය යෙදීම කළ යුතු අතර පසුව සතියකට වරක් ඔබට වගාවට ජලය යෙදීම කළ හැක.

3

මේ මගින් ඔබට ඉගා හොදින් වැඩුනු සාර්ථක මාළු මිරිස් වගාවක් මෙන්ම අස්වැන්න ලබා ගන්නා කාලයේදි හොදින් වැඩුනු මාළු මිරිස් අස්වැන්නක්ද ලබා ගත හැකි වේ. ඔබට මේ මාළු මිරිස් වගා කොට දින 75 පමණ කාලයකින් පළමු අස්වැන්න ලබා ගැනීමේ හැකියාව ඇත. පසුව දින හතෙන් හතට ඔබට සරුවට වැඩුනු මේ මාළු මිරිස් අස්වැන්නක් ලබා ගත හැක. ඔබට මාළු මිරිස් වගාව මහා පරිමාණයෙන් සිදු කිරිම බලාපොරොත්තු වන කෙනෙක් නම් ඔබට අදාළ විස්තර සියල්ලම ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එළවළු බෝග අංශයේන් ලබා ගැනීමේ හැකියාව ඇත.

4

5

6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *