Made In Sri Lanka

Made In Sri Lanka Updates

එළවලු අපූරු ක්‍රමයකට විකුණා ජීවිතය ජයගත් දිරිය කත

නව යොවුන් පරපුර අලුත් අලුත් දේ සොයා යැමට කැමැත්තක් දක්වනවා. තරුණ පරම්පරාව සතු අලුතින් සිතිමේ හැකියාව නිසා ඔවුන් වැඩි වශයෙන් නව අත්හදා බැලීම කිරිම සදහා යොමු වනවා. ලෝකයේ බොහෝ රටවල තරුණ පිරිස් මෙලෙස අත්හදා බැලීම්, අලුත් අලුත් දේ සිදු කරන කාලයක අපේ රටෙනුත් එවන් අලුත් වැඩක් කරපු තරුනිය් පිළිබද දැන ගන්නට ලැබුනා. ඔවුන්ගේ නව දැනුම රටක් වශයෙන් අපිට ඉතාත් වැදගත් වේ. රටේ දියුණුවට මෙවන් දක්ෂයින්ගේ හැකියා ප්‍ර‍යෝජනයට ගැනීමට ඇති හැකියාව අප සතුව ඇත. මේ විස්තරයෙන් කියන්නට යන තරුණිය නමින් ලක්මිණි වීරක්කොඩි වේ.

1

2

ආහාර තාක්ෂණය පිළිබද උසස් ඩිප්ලෝමාවක් හදාරන ඇ විසින් ආහාර පිළිබද අලුත්ම සොයා ගැනීමක් සිදු කර ඇත. ඇය විසින් කොස්, දෙල්, කරපිංචා, රම්පේ ආදිය විජලනය කිරිම සිදු කරන අතරම බෝතල් කරන ලද ආහාර විදේශ රටවල් කරා යැවීමද සිදු කරනු ලබයි. මෙම දිරිමත් තරුණිය නිසා බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා බිහි කොට ඇත. ඇයගේ මේ සියලු කටයුතු සදහා පවුලේ සහය උපරිම වශයෙන් ගැබෙන අතර විශ්ව විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් හා මිතුරන්ගේ සහයද ඇයට නොමදව ලැබේ. ඇය විසින් බොහෝ ආහාර වර්ග විදේශ වෙළදපොල කරා යොමු කරනු ලබයි.

3

4

ඒ අතර ලුණු ද්‍රාවණයේ යෙදු එළවළු වර්ග හා පළතුරු වර්ග, ආච්චාරු වර්ග, චට්නි වර්ග, චිලි පෙස්ට් බෝතල් කිරිම මෙන්ම අපේ රටේ හොදින් වගා කළ හැකි සහ හොදින් වර්ධන වන කොස්, දෙල්, කරවිල, මුරුංගා, අන්නාසි, ගස්ලබු, කෙසෙල් ආදිය විජලන කිරිමද සිදු වේ. මේ ආකාරයෙන් අවශ්‍ය සියලු එළවළු හා පළතුරු වර්ගයන් අපේ රටේ සැම ප්‍රදේශයකින්ම පාහේ ඇය විසින් ලබා ගැනීම සිදු කරනු ලබයි. මෙම එළවළු වර්ග හා පළතුරු වර්ග විජලනය කිරිමේදි ඒවා හොදින් පිරිසිදු කොට පැය 8ක් පමණ කාලයක් විජලනය කිරිම සිදු කරනු ලබයි.එම පළතුරු හා එළවළු සතු ගුණය වර්ණය වෙනස් නොවන අයුරින් විජලන කටයුතු සිදු කිරිම පිළිබද මුලිකත්වය දෙනු ලබයි.

5

6

ඒ සදහා කිසිදු කල්තබා ගැනීමේ ද්‍ර‍ව්‍යයක් හා රසකාරකයක් එක් නොකිරිම ඇයගේ නිෂ්පාදන වල ඇති විශේෂත්ව වේ. ඇයගේ මෙම නිෂ්පාදන සදහා විදේශ වෙළදපොලේ හොද ඉල්ලුමක් පවතින බව ඇය පවසයි. එහිදි විදේශගතව සිටින ශ්‍රී ලාංකීකයින්ගේ එම නිෂ්පාදන සදහා ලොකු ඉල්ලුමක් පවති. අපේ රටේ ආර්ථිකය සදහා ඉතා හොද දායකත්වයක් ලබා දිය හැකි , හොද විදේශ ආදායමක් ලබා ගත හැකි මෙවැනි ක්‍රියාවලින් අපේ රටට ඉතාමත් වැදගත් වේ. මෙවැනි ස්භාවික නිෂ්පාදනයන් සදහා ඇති ඉල්ලුම වැඩි වීම නිසා මෙවන් නව ව්‍යාපාරයන් අප රට තුළ තව තවත් වර්ධන කිරිම අවශ්‍ය වේ. ඒ සදහා මෙවැනි දිරිය තරුණ පරම්පාරාවේ සහය අපට ලබා ගැනීමට හැකි වේ. රටේ ආර්ථිකය ශක්මත් කරන මෙවන් දිරිය තරුණියන්ට අපගේ ප්‍ර‍ණාම මෙන්ම ඇයගේ නව ව්‍යාපාරය තව තවත් දියුණු වේවා යැයිද අපි ප්‍රාර්ථනා කරන්නේමු.

7

8

9

10

11

12

13

Leave a Reply

Your email address will not be published. Required fields are marked *