Made In Sri Lanka

Made In Sri Lanka Updates

ගංවතුරෙන් නිවස ආරක්ෂා කර ගත හැකි වටිනා නව නිපැයුමක්

අපේ රටේ දක්ෂ තරුණියන් දෙදෙනෙකු රටක් වටින වැඩක් සිදු කොට තිබෙනවා. රටේ යහපත වෙනුවෙන් සිදු කරන ලද මේ යෙදවුම සැබැවින්ම වටිනා සහගත නිර්මාණයක් වේ.මෙම නව නිර්මාණ සිදු කර ඇත්තේ සිසුවියන් දෙදෙනෙකු විසින් වේ. ඔවුන් දෙදෙනා නමින් සචින්තා සාවින්දි සහ කාවින්දි හිරුණි වේ. මොවුන් දෙදෙනා එක්ව නිර්මාණය කරන ලද නව නිර්මාණය වන්නේ ගංවතුර දොර ආවරණයයි. ඔවුන්ගේ මෙම නව නිර්මාණය පිළිබද වැඩිදුරටත් කතා කිරිමේදි වර්ෂා කාලයේදි ගංවතුර අවධානමට නිසා බොහෝ පිරිසක් මහත් සේ අපහසුතාවට පත් වනවා.

1

2

මේ නිසා වර්ෂා කාලයේදි ඇති වන ගංවතුර නිසා බොහෝ පිරිස් දැඩි අසරණතාවයට පත් වෙනවා දුටු මොවුන් මෙම නිර්මාණ සිදු කිරිමට පෙළඹෙනවා. ගංවතුර නිසා බොහෝ දෙනෙකුගේ නිවාස වලට වන හානි බොහෝ සේ වැඩි. මේ නිසා නිවාස තුළට මෙන්ම ගෘහ භාණ්ඩත් විශා වශයෙන් විනාශයට පත් වනවා. මීට විසදුමක් ලෙස මොවුන් දෙදෙනා එක්ව ගංවතුර දොර ආවරණය නිර්මාණය කර ඇත.මුල් අවස්ථාවේදි මෙම නව නිර්මාණය සිදු කිරිමේදි එහි ආකෘතිය කාඩ්බෝඩ් වලින් නිර්මාණය කර ඇත. එය වැඩි දියුණු කරන ලද අතර ඒම නිර්මාණය තවත් අයගේ සහය ඇතිව රබර් වලින් නිර්මාණය කරන්නට ඔවුන් සමත් වනවා.

3

4

තදින් වර්ෂාව ඇති අවස්ථාකදී ගංවතුර පැමිණෙයැයි සිතෙන විට ගංවතුර දොර ආවරණය නිවසේ දොර අසලින් තබා දොර වැසීම පමණක් සිදු කිරිම කළ යුතු වේ. එහිදි එම ආවරණය මගින් පොළව සීල් කරන අතර ජලය නිවස ඇතුළට ගැලීමක් සිදු නොවේ. එහිදි ජලය නිසා ඇති වන පිඩනය වැඩි වන විට එම ආවරණය තව තවත් පොළව සමග සීල් වීමට ලක් වේ. මෙම උපකරණය අඩි තුනක් පමණ උසට පැමිණෙන ගංවතුරක් සදහා හොදින් ඔරොත්තු දීමේ හැකියාව ඇත මෙම නව නිර්මාණය අපේ රටේ පවත්වනු ලබන සහසක් නිමැවුම් තරගයට ඉදිරිපත් කරන අතර එය තව තවත් වැඩි දියුණු කරමින් ජාත්‍යාන්තර නව නිපැයුම් තරගාවලියක් සදහාද ඉදිරිපත් කරනු ලබනවා.

5

6

මෙම ගංවතුර දොර ආවරණය පිළිබද කතා කිරිමේදි එය අන්තර් ජාතික වශයෙන් ජයග්‍ර‍හණ රාශියක් ලබා ගැනීමට සමත් වනවා. මෙම වටිනා නිර්මාණය සදචහා පේටන්ට් බලපත්‍ර‍ ලබා ගැනීමටත් මොවුන් දෙදෙනා සමත් වීම සැබැවින්ම ඔවුන්ගේ ජයග්‍ර‍හණයට ලැබුනු හොදම වටිනාකම වේ. ගංවතුරක් වැනි අපදා අවස්ථාවකදි ජනතා අපහසුතාවයට පත් වීම අවම කිරිම සදහා හදුන්වා දුන් මෙම නව නිර්මාණය ඉදිරියේදි අපේ රටේ ජනතාව සදහා ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නේ නම් එය අපේ රටේ ජනතාවට සිදු කරන මහත් සේවාවකි. ලෝවක් වටිනා මෙවැනි නිර්මාණයන් කරන අපේ රටේ දක්ෂ දරු පරම්පාරාවට ඔවුන්ගේ හැකියා තව තවත් වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසේවා යැයි අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

7

8

Creative real estate security, home protection and insurance business concept: residential house cottage floating in blue sea water ocean in red umbrella parasol

Leave a Reply

Your email address will not be published. Required fields are marked *