Made In Sri Lanka

Made In Sri Lanka Updates

සිමෙන්ති කොට්ටයකින් මැටි මිශ්‍රිත ගඩොල් 100ක් හදන යන්ත්‍රයක්

සිමෙන්ති, ගඩොල්, බ්ලොක් ගල් කියන්නේ නිවසක් සැදීම සදහා අවශ්‍ය වන අමුද්‍ර‍ව්‍යන් වේ. මේ සියල්ලගෙම එකතුවෙන් ශක්තිමත් නිවසක් බිහි කර ගන්නට හැකියාව තිබෙනවා. සමහර අය තම නිවස සදා ගැනීම සදහා ගඩොල් පමණක් යොදා ගන්නා අවස්ථාද දකින්නට හැකි වනවා. ඒ ආකාරයෙන් ගඩොත් භාවිතා කර තම නිවස සාදන්න කැමති අයට වටිනා විස්තරයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. මේ කියන්නට යන්නේ සිමෙන්ති හා මැටි මිශ්‍ර‍ සාදන ගඩොලක් සහ එය නිර්මාණය කිරිමට සැදු නව යන්ත්‍ර‍ක් ගැනයි.

1

2

මේ සදහා භාවිතා කරන යන්ත්‍ර‍හදුන්වා දී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස සංවර්ධන අධිකාරිය දිස්ත්‍රික් කාර්යාලය විසින් වේ. හදුන්වා දුන් මෙම යන්ත්‍ර‍ය ඔස්සේ සිමෙන්ති කොට්ටයකින් මැටි මිශ්‍රිත ගඩොල් 100 වැනි ප්‍ර‍මාණයක් නිපදවා ගැනීමට හැකියාව ඇත. එලෙස සදා ගන්නා ලද ගඩොල් විශාල ගොඩනැගිලි, දෙමහල් නිවාස වලට මෙන්ම සාමන්‍ය නිවසක් සැදීම සදහාද ආදි ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ කටයුතු සදහා යොදා ගැනීමට හැකියාව ඇත.

3

4

එම නව යන්ත්‍ර‍ ඔස්සේ සදා ගන්නා ලද සිමෙන්ති මිශ්‍රිත මැඩි ගඩොල් යොදා ගනිමින් ශක්තිමත් නිවාසයක් සැදීම හැකි බවත් එම ගඩොල් යොදා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි විශාල ප්‍ර‍මාණයක් ඉදිරිකර ඇති බවත් මෙම යන්ත්‍ර‍ය හදුන්වා දුන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. ශ්‍ර‍ම දායකත්වය අඩුවෙන්, අඩු කාලයක් තුළ කාර්යක්ෂමව කාර්යයන් සිදු කර ගත හැකි මෙවැනි වටිනා නිර්මාණයන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ පහසු කිරිම සදහා ඉතාමත් ප්‍රයෝජනවත් වේ. මෙවැනි නව හදුන්වා දීම් අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍ර‍යන් සදහා යොදා ගන්නේ නම් එයින් සැලසෙන සේවාවන් අති මහත්ය

5

6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *