Made In Sri Lanka

Made In Sri Lanka Updates

වැහි පිහිලිවල රැඳෙන අනවශ්‍ය වතුර ඉවත් කරන්නට හැකි අපුරු නිමැවුමක් හැදුව පොඩ්ඩා

ලෝකය පුරා විවිධ දක්ෂයන්ගේ නව නිපැයුම් අගය කිරීම සදහා විවිධ තරගාවලි පවත්වනු ලබනවා. ඒ සදහා ලෝකයේ විවිධ රට වලින් විවිධ වු නව නිර්මාණ රාශියක් ඉදිරිපත් වන අතර එම නිර්මාණ සදහා හොද ඇගයිමක්ද හිමි වනවා අප දැක තිබෙනවා. මෙවැනි ජාත්‍යන්තර තරගාවලි සදහා අපේ පුංචි රටෙනුත් නව නිර්මාණයන් ඉදිරිපත් කරනු ලබනවා. සමහර අවස්ථාවන් හි ලොවක් පුදුම කරමින් එම නිර්මාණ සදහා ප්‍ර‍ථම ස්ථානය පවා හිමි වු අවස්ථාද අපට අසන්නට දකින්නට හැකි වනවා. එවන් වටිනා නිර්මාණයක් පිළිබදවයි මේ විස්තරය.

1

2

බොහෝ නිවෙස් වල වැසි කාලයේදි නිවසේ වහලයට වැටෙන වැසි ජලය ක්‍ර‍මානුකුලව ඉවත් කිරීම සදහාත්, වහලේ ආරක්ෂාව සදහාත් වැහි පිහිළි යොදනු ලබනවා. කොළ රොඩු සිරවීම නිසා ක්‍ර‍මානුකුලව ජලය බැහැර නොයැම නිසා මදුරුවන්ගේ බෝවීම සදහා එය බලපානු ලබනවා. සෑම දිනකම මෙම වැහි පිහිළි පවිත්‍ර‍කිරිම අපහසු කටයුත්තක්. මේ අපහසු කටයුත්ත පහසු කරන්නට හැකි වටිනා නිර්මාණයක් අපේ රයේ දක්ෂයෙකු අතින් බිහි වනවා. ඒ නිර්මාණය පිළිබදවයි මේ විස්තරය. එවන් ජත්‍යන්තර තරගයක් සදහා ඉදිරිපත් වු අපේ රටේ තවත් දක්ෂයෙකුතගේ නිර්මාණයක් ලෙස වැහි පිහිලිවල ජලය ඉවත් කරන උපකරණය පෙන්වා දිය හැක. මෙම උපකරණය නිර්මාණය කරනු ලබන්නේ එවක එස්. සේනානායක විදුහලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබු නිම්දිය ගම්මන්පිල සිසුවා වේ.

3

4

මොහු නව නිර්මාණ කිරිම සදහා දක්ෂයෙකු වන අතර තාක්ෂණික වශයෙන් නව නිර්මාණයන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර‍න් සදහා නව නිර්මාණයන් බිහි කරන ලද දක්ෂයෙකුද වේ. මොහු විසින් නිර්මාණය කරන ලද මෙම නව නිපැයුම මෙරට පැවැත්වු නව නිපැයුම්කරුවන්ගේ තාක්ෂණික අංශ තරගයෙන් හොඳම යොවුන් නව නිර්මාණ සදහා ඉදිරිපත් කොට ඇත. ඊට අමතරව මොහුගේ මෙම වැහි පිහිලිවල ජලය ඉවත් කරන උපකරණය ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වූ නව නිපැයුම් තරගය සදහා ඉදිරිපත කරන අතර එහිදි රටවල් 14 නව නිර්මාණයන් අභිබවා එම තාක්ෂණික නව නිර්මාණ ඇගයීම වෙනුවෙන් රිදී සම්මානය හිමි කර ගනු ලබනවා. නිවසේ අපහසු වැඩ පහසු කරන්නට උදව් උපකාරි වන මෙවන් නිර්මාණයන් වැඩි දියුණු කර ගැනීම සදහා අතහිත දිම ඉතාමත් වැදගත වේ. එය සමස්ථ මහජනයාටම කරන සේවාවකි.

5

6

7

8

9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *