Made In Sri Lanka

Made In Sri Lanka Updates

වැස්ස වේලාවෙදී ආවරණයක් කරා ස්වයංක්‍රීයව ගමන් කරන රෙදි වැලක් සෑදුව පොඩ්ඩා

හොදට හිරු එළිය වැටෙන දවසක ගෙදර තියන රෙදි ටික සෝදලා අව්වට දන්නේ ඉක්මනින් ඒ රෙදි ටික වේල ගන්නයි. සමහර අය නිවස වටා රෙදි වැලි බැද කොහොම හරි තෙත රෙදි ටික වේලා ගන්නවා. කොයිතරම් හොදින් රෙදි දිට වේල ගත්තත් හදිසියේ වැස්සක් අවොත් ඒ රෙදි සියල්ලම තෙමෙන අවස්ථාවන්ට අපි කවුරුත් මුහුණ දෙනවා. ඒ වගේ වේලාවට අපි බොහෝ සේ අපහසුතාවයට පත් වනවා. මේ අපහසුතාවයෙන් මිදෙන්නට අපුරු නව නිර්මාණයක් අපේ රටේ දක්ෂ පාසල් සිසුවෙකු සමත් වෙලා තිබෙනවා. ඒ නව නිර්මාණය පිළිබදවයි මේ විස්තරය.

1

මෙම නිර්මණයේ ඇති විශේෂත්වය වන්නේ වර්ෂාවක් පැමිණෙන විට මෙම රෙදි වැල ස්වයංක්‍රීයව ආවරණයක් තුළට ගමන් කර අතර එම රෙදි වැල වර්ෂාව අවසන් වූ පසුව නැවත ස්‌වයංක්‍රීයව තිබූ තැනට ගමන් කිරිම සිදු වේ. දෛනික කාර්යයබහුල ජිවිතයක් කර අයට ඉතාමත් වැදගත් වු මෙම නව නිර්මාණය සිදු කර ඇත්තේ එවක දෙහිඅත්තකණ්‌ඩිය ජාතික පාසලේ ඉගෙනුම ලැබු ප්‍රමෝද් ගිම්හාන සිසුවා වේ. කුඩා කාලයේ සිට විවිධ නිර්මාණ කරන්නට දක්ෂතා දක්වන මේ ප්‍රමෝද් විසින් ඉතා වටිනා නිර්මාණයන් සිදු කොට තිබෙනවා. ඒ අතර ඉතා වැදලත් නව නිර්මාණයක් ලෙස මෙය හැදින්වීමට හැක.

2

3

මෙම නිර්මාණය කිරිම සදහා මොහු පෙළඹෙන්නේ දෙමාපියන් රැකියාව සදහා ගොස් සවස නිවස කරා එන විට සමහර දිනයන්හිදි උදේ සෝදා වෙලෙන් දමා ගිය රෙදි ටික වර්ෂාව හේතුවෙන් තෙමි තිබෙන අතර, එයට විසදුමත් ලෙස මෙම ස්වයංක්‍රීය රෙදි වැල නිර්මාණය කිරිමට යොමු වී ඇත. මොහුගේ මෙම නිර්මාණය ඔස්සේ වර්ෂාවක් පැමිණි විට රෙදි වැල ස්වයංක්‍රීය ක්‍රියාවලියක් ඔස්සේ ආවරණයක් සහිත ස්ථානයට පැමිණෙ අතර වර්ෂාව අවසන් වු පසු නැවත රෙදි වැල තිබු එළිමහන් ස්ථානය කරා යැම සිදු වේ. මෙම රෙදි වැල ක්‍රියාත්මක වීම සදහා මෝටරයක් සවිකර ඇති අතරම මෙහි ක්‍රියාකාරිත්වය සිදු වීම සදහා අවශය පරිපථය නිර්මාණය කිරිම සදහා යොදා ගෙන ඇත්තේ ඉවත දමන දේවල් වේ.

4

5

මේ සදහා විද්‍යුත් ශක්තියද උපයෝගි කර ගෙන ඇත. මේ නිර්මාණය සිදු කිරීම සදහා මාස කිහිපයක් ගත වී ඇත. විශේෂ හැකියාවන්ගෙන් පරිපුර්ණ මෙවන් දරුවන්ගේ හැකියා දසහා උදව් උපකාර කරමින් ඔවුන් දිරිමත් කකිරිම සදහා වැඩසටහන් ආරම්භ කරන්නේ නම් ඔවුන්ගේ ආනාගතය තය තවත් රටට වැඩදායි ලෙස වර්ධන කර ගැනිමට හැකියාව ඇත. මෙවැනි නව නිපැයුම්කරුවන්ගේ ඉදිරි බලාපොරොත්තු ඒ අයුරින්ම සාර්ථක වේවා යැයි අපගේ ප්‍රාර්ථනාවයි. 0778350364, 0272250471, 0272250342 ට කථා කරලා මෙම පුංචි නව නිපැයුම්කරුවාට උදව්වක්‌, මගපෙන්වීමක්‌ ලබාදිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *