Made In Sri Lanka

Made In Sri Lanka Updates

ලී ඇණ නිපදවීමේ යන්ත්‍රයක් සාදා දකුණු කොරියාවෙන් පදක්කමක් දිනු අපේ රටේ පොඩ්ඩා

ලෝවක් පුදුම කරන නිර්මාණයන් සිදු කරන අපේ රටේ තවත් දක්ෂයෙකු ගැනයි මේ විස්තරයත මිට වසර දෙකකට පෙර අයගම රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු පසිඳු ගුණරත්න විසින් මේ නව නිර්මාණය සිදු කර තිබේ. මොහුගේ නිර්මාණය වන්නේ ලී ඇන නිපදවිය හැකි යන්ත්‍ර‍ක් වේ. මෙම නිර්මාණය සිදු කරන විට ඔහු 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් විය. නිතරම අලුත් අලුත් දේ අත්හදා බැලීමට කැමති දරුවෙකු වන මොහු මෙම නිර්මාණය කිරිම සදහා අදහස් කරන්නේ ඔහුගේ පියා වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වන නිසාය.

1

2

වඩුකාර්මික තම පියා විසින් නියන භාවිතා කොට දැව නිර්මාණ සදහා අවශ්‍ය කරන ලී ඇණ නිපදවීමට ඔහුගේ පියා මහත් වෙහෙසක් ගන්නා අතර එයට විශාල කාලයක් වැයවේ. ඉතා සියුම් ලෙස කරන මේ ලී ඇණ සැදිමේ කාර්යය ප්‍රවේශමෙන් කළ යුතු අතර එම වෙහෙසකාරි ක්‍රියාවට පිළියමක් ලෙස මෙම නව යන්ත්‍රය ඔහු විසින් නිර්මාණය කොට ඇත. මෙම යන්ත්‍ර‍ය නිර්මාණ කිරිම සදහා මොහුට රුපියල් 3000ක් වැනි මුදලක් වැය වී ඇත. පසිඳු විසින් නිර්මාණය කරන ලද මේ ලී ඇණ නිපදවිය හැකි යන්ත්‍ර‍ය තුළින් අඩු වියදමකින්, කාර්යකෂමව අඩු කාලයක් තුළ ලී ඇණ නිපදවා ගැනීමට හැකි වේ. මෙම යන්ත්‍ර‍ය සදහා විදුලිය වැය වීමක් නොමැත.

3

4

ලී ඇණ නිපදවිය හැකි මෙම යන්ත්‍ර‍ය 2019 වර්ෂයේදි මෙරට පාසල් නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියේදි ජයග්‍ර‍හණය කර අතර ජාතික තරගාවලියෙන්ද රන් පදක්කම ලබා ගැනීමට සමත් විය. මෙම දරුවාගේ නව නිර්මාණය එවක දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වු නව නිපදවීම් පිළිබඳ තරගයෙන් රිදී පදක්කම ජයග්‍ර‍හණය කිරිමට සමත් විය. ජයග්‍ර‍හණ රාශියක් හිමි කර ගැනීමට සමත් වු මෙම වටිනා නිර්මාණය අපේ රටේ වඩුකාර්මානත්යේ නියැලෙන අය සදහා ඉතාමත් වටිනා උපකරණයක් වන අතර එය වැඩි දියුණු කිරිම තුළින් ප්‍රයෝජන රාශියක් ලබා ගැනිමට හැකියාව ඇත. රටක් වටිනා, ලෝවක් වටිනා නිර්මාණයන් සිදු කරන මෙවන් දක්ෂයන් හට ඔවුන්ගේ හැකියා දියුනු කර ගැනීමට අවස්ථාව උදා කර දීම බලධාරින්ගේ යුතුකමක් වේ. මෙවන් වටිනා දක්ෂතා ඇති දරුවන්ගේ ආනාගතය සුභ වේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

5

6

7

8

9

10

11

12

Leave a Reply

Your email address will not be published. Required fields are marked *