Made In Sri Lanka

Made In Sri Lanka Updates

ලෝකයේ ඕනෑඹ තැනක සිට ක්‍රියාත්මක කළ හැකි ස්මාර්ට් දොර අගුළක් සෑදුව පොඩ්ඩා

අතීතයේ සිට ලොවක් පුදුම කරන නිර්මාණයන් සිදු කරනඅපේ සිංහල ජාතියේ දක්ෂයන් සැබැවින්ම අපේ රටට කීර්තියකි. නව නිපැයුමක් බිහි වන්නේ එම නිර්මාණය සිදු කරනු ලබන තැනැත්තාගේ දක්ෂතාවය පදනම් කරගෙන වේ. කාලයෙන් කාලයට ලෝකයේ බොහෝ රට වලින් මෙම නව නිපැයුම්බිහිවන අතර අපේ පුංචි ලංකාව තුළින්ද රටක් ලෝකයක් පදුම කරනු ලබන නව නිර්මාණයන් බිහි වේ. එවන් නව නිර්මාණයක් පිළිබදවයි මේ විස්තරය‍ෙ ලෝකයේ ඕනෑම තැනක සිට විවෘත කළ හැකි සහ වැසිය හැකි ස්මාර්ට් දොර අගුලක් මේ නව නිර්මාණය ලෙස පෙන්වා දිය හැක.

1

2

මෙම නව නිපැයුම සිදු කරන ලද්දේ පාසල් සිසුවෙකු වන අතර ඔහු මෙම නිර්මාණය සිදු කරන විට මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින ලදී. මොහු නමින් සෙනුල් විනුක ජයවර්ධන වේ. අපේ නිවෙස් වල සමාන්‍යයෙන් ඇති දොරගුළ යතුරක් මගින් විවෘත කිරිමට හා වැසීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇත. යම් අවස්ථාවලදී සොරසතුරු කරදර වලට මුහුණ පැමට පවා සිදු වන්නේ නිවසට යොදා ඇති අගුළ අනාරක්ෂිත වීම නිසාය. නමුත් සෙනුල් සිසුවා විසින් නිර්මාණය කරන ලද මෙම ස්මාර්ට් දොර අගුලේ ඇති සුවිශේෂිත්වය වන්නේ මෙම අගුල විවෘත කිරිම හා වැසීම ලෝකයේ ඕනෑම රටක සිට සිදු කිරිමට හැකි වීමයි.

3

4

මෙම දොර අගුල නිර්මාණය කිරිම සදහා යොදා ගෙන ඇත්තේ ආර්ඩිනෝ තාක්ෂණය වේ. මෙම අගුල සදහා අවශ්‍ය විද්‍යුත් ශක්තිය ලබා ගන්නේ සෝලා පවර් තාක්ෂණය හරහා වේ. මෙම ස්මාර්ට් දොර අගුලේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ පිටස්තරයෙකු මෙම අගුල සහිත දොර අසලට පැමිණි විට හෝ එයට අත ලැබු විට නිවසේ අයිතිකරු දැනුවත් කිරීම සිදු කරනු ලබයි. එම දැනුවත් කිරිම සිදු කරනු ලබන්නේ ඔහුගේ ජංගම දුරකථනයට පණිවිඩයක් යැවීම මගින් වේ. ඊට අමතරව දොර අසලට පැමිණි පුද්ගලයාගේ ඡායාරූපයක් හා එහි විඩියෝවක්ද ලබා ගැනීමට හැකියාව මේ සතු වේ. මෙම දොර අගුල නිවසේ අයිතිකරුට හැර වෙන කිසි කෙනෙතුට විවෘත කිරිමට නොහැකි වන අතර එයට යොදා ඇති මුර පදය දොර විවෘත කිරිම සදහා අනිවාර්යයෙන් අවශ්‍ය වේ.

5

6

මෙය සම්පුර්ණ ආරක්ෂා සහිත ක්‍ර‍මයක් බව සෙනුල් සිසුවා පවසයි. නව තාක්ෂණයත් උපයෝගි කර ගනිමින් නිර්මාණය කරන ලද මෙම ස්මාර්ට් දොර අගුල සමස්ත ලංකා රෝබෝ තාක්ෂණ තරගාවලියකින්ද ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වනවා.සොර සතුරන්ගෙන් තම නිවස ආරක්ෂා කර ගැනීම සදහා ඉතා වටිනා නව නිර්මාණයක් ලෙස මෙය හැදින්විය හැක.ෙ තාක්ෂණයත් කරා මුළු ලොවක් ගමන කරන කාලයක අපේ රටේ මෙවන් දක්ෂ දරුවන්ගේ ලොවක් පුදුම කරන නව නිර්මාණයන් සැබැවින්ම පුදුම සහගත වේ. ලොවක් දිනන්ට හැකි අපේ රටේ දක්ෂ මෙවන් දරුවන් සදහා අතහිත ලබා දී ඔවුන් තව තවත් දිරිමත් කළ යුතු වේ. මෙවැනි දක්ෂ දරුවන්ගේ ඉදිරි අනාගතය වඩාත් සුභ වේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නේමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *