Made In Sri Lanka

Made In Sri Lanka Updates

හදවතට ගුණදෙන ඕනෑම තැනක වැවෙන ලංකාවේ ඇපල් පොච්චියක වවමු

විවිධ පළතුරු වර්ග පිළිබද කතා බහ කරනවා මෙන්ම විවිධ රසයෙන් යුත් පළතුරු අපි එදිනෙදා ආහාරවේල සදහා ගනු ලබනවා. අපේ රටේ දේශීයව සැදන පළතුරු වලට අමතරව විදේශ රට වලින් ගෙන එනු ලබන පළතුරු පවා අපි ආහාරයට ගන්නා අතර වගා කර ගැනීමට පහසු පළතුරු වර්ගයන් අපේ ගෙවත්තේ වගා කර ගැනීමද සිදු කරනු ලබනවා. ඇපල් යනු පළතුරු අතර ඉතාමක් ප්‍ර‍ණීත රසයක් ඇති බොහෝ දෙනෙක් වඩාත් ප්‍රිය කරන පළතුරක් වේ. නමුත් අපේ රට තුල ඇපල් වගා කිරිම බොහෝම අපහසු කටයුත්තක්. නමුත් බොහෝ දෙනෙක් ඇපල් ගසක් තම ගෙවත්තේ සිටුවීමට වෙහෙසෙනවා.

1

2

ගස හොදි වැවුනත් එහි ඇපල් ගෙඩි සරුවට හට ගැනීම සිදු වන්නේ බොහෝම කලාතුරකින්. ඇපල් කන්න ආස අයට ඇපල් ගසක් තම ගෙවත්තේ සිටුවන්නට කැමති අයට ඇපල් වලට වඩා රසයෙන් වැඩි, ගුණයෙන් වැඩි මසං, දෙඹර නැතිනම් චයිනීස් ඇපල් පිළිබදවයි මේ විස්තරය. මේ චයිනීස් ඇපල් ගෙඩිය අප නිතර දකින ඇපල් තරම් විශාල නොවුනත් එහි රස හා ගුණ අතින් ඉහළ පළතුරක් වේ. අතීතයේදි මසං ලෙස හැදින්වු මේ පළතුරු වර්ගය අෂ්ඨ පාන වලින් එක් පානයක් සදා ගැනීම සදහා යොදා ගෙන ඇත. මේ චයිනීස් ඇපල් සතු වටිනා ගුණ රාශියක් ඇත.

3

4

මෙම පළතුර හදවත් රෝගීන් සදහා ඉතාමත් වටිනා ගුණ සහිත පළතුරක් වේ. ඊට අමතරව අර්ශස් රෝගයට, දියවැඩියාව, ශරීරයේ දාහය අඩු කිරිමට, රක්ත අතීසාරය ආදී ලෙස රෝග රැසකට ගුණ දෙන වටිනා ඖෂධීය ශාකයකි. මෙහි ඇති ඖෂධීය වටිනාකම හේතුවෙන් මෙම ශාකයේ මුල්, පත්‍ර‍, පොතු ආදි මේ සියල්ල ඖෂධ පිළියෙල කිරිම සදහාද යොදා ගනු ලබයි. වසරේ සෑම දිනයකම පාහේ ගෙඩි හට ගැනීම මෙහි ඇති තවත් විශේෂත්වයක් වේ. පහසුවෙන් සිටුවා ගැනීමට හැකි ශාකයක් ලෙස මෙය හැදින්වෙන අතරම මෙම චයිනීස් ඇපල් නැතිනම් මසං විවිධ වර්ග පවති.

5

6

7

මේවා බද්ධ කිරිමෙන් සදා ගනු ලබන පැල ඔස්සේ ඉතා හොද ඵලදාවක් ලබා ගැනීමට හැකි වේ. පදුරු ශාකයක් නිසාත් එතරම් උසට නොවැඩෙන නිසාත් ඕනෑම ප්‍රදේශයක වගා කර හැකි වීම නිසාත් පෝච්චියක වුවද සිටුවා ගැනීමට හැකි වන නිසා මෙය ඔබට පහසුවෙන් වගා කළ හැකි වටිනා පළතුරක් වේ. අපේ රටේ වවන්නට නොහැකි ඇපල් වලට හොද අදේශකයක් වන මේ මසං නැතිනම් චයිනීස් ඇපල් පැලයක් ඔබගෙ ගෙවත්තේ සිටවා ගන්න. එය ඔබට දිනයක ප්‍රයෝජනවත් වේවි. මෙම මසං පැලකරගැනීම සඳහා පැල ගැනීමට අමතන්න 0767082940

8

9

10

11

12

Leave a Reply

Your email address will not be published. Required fields are marked *